Colombo Today Local News

“සහල් මාෆියාව පිටුපස ඉන්නේ ජනපති සොයුරෙක් !“… අජිත් පී පෙරේරා

සහල් හෝ වී මාෆියාව පිටුපස සිටින්නේ ඇමැති හැරිසන් නොවන බව මුළු රටම හොඳින් දන්නා බවත් ඒ පිටුපස සිටින්නේ ජනාධිපතිවරයකුගේ සොහොයුරෙකු විය හැකි බවත් නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (29) සිරිකොතදී පැවති මාධ්‍ය හමුවකදීය.

විදුලිය නිපදවීමේදී ඩීසල් මාෆියාවක්‌ ක්‍රියාත්මක වන ආකාරයටම වී සඳහා ද මාෆියාවක්‌ ක්‍රියාත්මක වන බවත් ඊට වගකිව යුතු වන්නේ මහා පරිමාණ වි මෝල් හිමියන් කිහිප දෙනකු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටි අතර එවැනි අය මාධ්‍ය මගින් විවිධ ප්‍රකාශ කිරීමට පෙළෙඹෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

හැරිසන් අමාත්‍යවරයාට , මේ මොහොතේ අවශ්‍යවී ඇත්තේ , විධිමත් වැඩපිළිවෙලක් හරහා සහල් නිෂ්පාදන කටයුතු සිදු කිරීමට වුවද සහල් මිල කෘතිම ලෙස ඉහළ නංවා මේ රටේ සහල් මිල ඉහළ මට්ටමක පවත්වා ගැනීමට , යම් පිරිසකට ඕනෑවී ඇති බවත් ඒ අය කවුදැයි රටම දන්නා බවද ඔහු සදහන් කළේය.

ජනාධිපතිවරයාගේ සොහොයුරා මේ මොහොතේ මේ සම්බන්ධයෙන් රජයට චෝදනා එල්ල කිරීම වැරදි බවත් , මේ මොහොතේ විෂයබාර අමාත්‍යවරයා වැරදි වැඩක් කර ඇත්නම් එය ඔප්පු කර පෙන්වන ලෙසට අභියෝග කරන බවද ඇමතිවරයා පැවසීය.

එයාගේ සහෝදරයා කවුදැයි අපට වැදගත් නැති බවත් ,එල්ල කරන චෝදනා ඔප්පු කල යුතු බවයි ඔහු දිගින් දිගටම කියා සිටියේ .

පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී , ඩඩ්ලි සිරිසේන චෝදනා කලේ , සහල් මිල ඉහළ යෑමට , හැරිසන් අමාත්‍යවරයා වග කිව යුතු බවයි.

එසේම සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයද චෝදනා කරන්නේ හැරිසන් අමාත්‍යවරයා සහ කබීර් හෂිම් අමාත්‍යවරයාගේ ගෝලයෙකු මේ සහල් මාෆියාව පිටු පස සිටින බවයි . ඒ බව වගකීමෙන් ප්‍රකාශ කරන බවත් , ඒ බව ඔප්පු කිරීම සදහා අප සතුව සාක්ෂි පවතින බවද ඔහු සදහන්කළේය.

Related posts

“මට වට්ස්අප් කරන්න, මාසෙකින් අනුමැතිය දෙන්නම්“ ඇමති සුජීව හා විදුලි දුම්රිය ආයෝජකයන් අතර සාකච්ඡා වීඩියෝව එළියට..

colombotoday

කොවිඩ් අරමුදලේ රු. කෝටි 180ක් අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීමට ලබාදෙන්න ජනපතිගෙන් උපදෙස්

colombotoday

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Admin

රනිල් සමග වැඩ කරන්න බැරිනම් ජනපති ඉල්ලා අස්විය යුතුයි…

colombotoday

ආගම්වලට අගෞරව වන ප්‍රකාශ නිකුත් කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්

Admin

අටුළුගම ආසාදිතයාගේ පියාත්-සහෝදරියත් රෝහලට. දින 6 ක් අටුලුගම ප්‍රදේශය පුරා සැරි සරලා

colombotoday