Colombo Today Local News

“විල්පත්තුව පවතින්නේ ඔබ ජනාධිපතිකම් කරන රටේ නොවෙයිද?“ – ජනපතිට ලිපියක්

නැවත ආරම්භ වී ඇති විල්පත්තු රක්ෂිතයේ වන විනාශය සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා. පහත දැක්වෙන්නේ එම ලිපියයි.

 

ගරු ජනාධිපතිතුමනි,

විලපත්තුව පවතින්නේ ඔබ ජනාධිපති වශයෙන් සිටින රටක ද? ක්‍රියාත්මක වන්නේ ඔබේ රටේ නීතිය නොවේ ද?

විලපත්තුව ඇතුළු අප රටේ සිදු වන පරිසර හා වන විනාශයන් පිළිබඳව බොදු බල සේනා මහින්ද රාජපක්ෂ යුගයේදීත්, ඔබගේ යුගයේදීත් ඉතාම ප්‍රජාතාන්ත්‍රික ආකාරයෙන් මැදිහත් වීම් කල බව ඔබට පැහැදිලි බව අපි දනිමු. රාජපක්ෂ යුගයේ දී වැඩි වශයෙන් ආරම්භ වූ විලපත්තු වන විනාශය පිලිබඳ අප කල සටන බොහෝ දෙනා දන්නා වුවද ඉන් කරුණු 10 ක් මේ සමග සැකෙවින් ඉදිරිපත් කරමු.

(1) 2014 ජනවාරි මස – විනාශය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාව හා වීඩියෝ කිරීම

විල්පත්තු වන විනාශය පිලිබඳ තොරතුරු සෙවීම හා පෞද්ගලිකවම එම ප්‍රදේශ වලට ගොස් එම දර්ශන වීඩියෝ කිරීම

(2) 2014 මාර්තු 20 -මාධ්‍ය සාකච්ජාව හා මාධ්‍ය නිවේදනය

විෂය : විල්පත්තු අභය භුමිය වැනසීම හා ඉඩම් මංකොල්ලය සහ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ආක්‍රමණය කිරීමේ මුස්ලිම් අන්තවාදී කුමන්ත්‍රණ පිලිබඳ මාධ්‍ය සාකච්ජාව හා මාධ්‍ය නිවේදනය

(3) 2014 අප්‍රියෙල් 1 – මාධ්‍ය සාකච්ජාව හා මාධ්‍ය නිවේදනය

විෂය : විල්පත්තු විනාශකාරී අපරාධය,රජයේ අවසර, නිහැඩියාව හා අපේ ගමන් මග

(4) 2014 මාර්තු සිට 2014 අවසානය දක්වා විවිධ අවස්ථාවල දී ජනාධිපතිවරයා දැනුවත් කිරීම

විල්පත්තු වන විනාශය පිලිබඳ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු රජයේ බලධාරීන් දැනුවත් කිරීම

6) 2014 අප්‍රියෙල් 8 – නිරීක්ෂණ හා අධ්‍යයන සංචාරය

විල්පත්තු ආරක්ෂිත වනාන්තර විනාශය පිලිබඳ නිරීක්ෂණ හා අධ්‍යයන සංචාරයක්

(7) 2015 මාර්තු 31 – ජනාධිපතිවරයා දැනුවත් කිරීම

මාතෘකාව : “මෛත්‍රී පාලනයක්- ස්ථාවර රටක් ” – සොබාදහම රැකගැනීම , විල්පත්තු විනාශකාරී අපරාධය, පසුගිය රජයේ නිහැඩියාව හා යහපාලන රජයේ රැකවරණ

(8) 2015 ජුනි 29 – ජනාධිපතිවරයා දැනුවත් කිරීම

මාතෘකාව : විලපත්තු ආශ්රිමත වන විනාශයට වගකිව යුත්තන් වහාම අත්අඩංගුවට ගැනීම හා විල්පත්තුවේ ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව යෙදවීම.

(9) 2015 දෙසැම්බර් 23 – ජනාධිපතිවරයා දැනුවත් කිරීම

මාතෘකාව : පරිසර හානිය වැලක්වීමට ත්රි විධ හමුදාව යෙදවීම – බොදු බල සේනා යෝජනාව ක්රියාත්මක කිරීම ගැන ස්තුතිය

10) 2016 ජුනි 29 – ජනාධිපතිවරයා දැනුවත් කිරීම

මාතෘකාව : පරිසරය හා ස්වභාවික සම්පත් විනාශ කිරීම මහා පරිමාණ මුල්යට වංචා වලට වඩා දහස් ගුණයකින් වන භයානක අපරාධ නිසා පරිසරය හා ස්වභාවික සම්පත් සුරැකීම විමර්ශනයට කොමිසමක් පත් කිරීම
(වැඩි විස්තර ඇමුණුමක් ලෙස ඉදිරිපත් කර ඇත.)

අදටත් මෙම විනාශය සිදුවන බව මාධ්‍ය ප්‍රකාශ කර සිටී. මෙය ඉතා භයානක තත්වයකි. රටේ නීතිය අවභාවිතයකි

http://nethgossip.lk/articles/18303

https://www.facebook.com/protectvilpattu/videos/1918301358397632/

මෙවන් පසුබිමක, පරිසරවේදීන්, මාධ්‍යවේදීන් ඇතුළු පාර්ශව රාශියක් සටන් කරද්දී අගමැති තුමා, විපක්ෂ නායක තුමා , ඇමතිවරු, මන්ත්‍රීවරු, හා හිටපු ජනාධිපතිතුමා ඇතුළු පාර්ශව ගොළුවන් හා බිහිරන් සේ බලා සිටින්නේ යම් දිනක ඉන්දියාව හෝ චීනය හෝ ඇමරිකාව මෙම ගැටලුව විසදීමට කඳවුරු බඳින අවස්ථාව වන තෙක් ද යන්න අපට සැක සහිතය. තමන්ගේ බලය උදෙසා මෙම වන පාලුවන් පාර්ලිමේන්තු බලය උදෙසා තරාදියේ සිය පැත්තට දමා ගැනීමට බලා සිටින නරි රැලක් ලෙස අපට මෙම නායකයින් දිස් වීම ජාතියේම අවාසනාවකි.

අද අපට ඉතිරිව ඇති විකල්ප දෙකකි. එකක් නම් ඔබගෙන් මෙලෙස විමසීමය.

විලපත්තුව පවතින්නේ ඔබ ජනාධිපති වශයෙන් සිටින රටක ද? ක්‍රියාත්මක වන්නේ ඔබේ රටේ නීතිය නොවේ ද?

මේ මාතෘකාව පිලිබඳ සාකච්චා කිරීමට වහාම අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු.

නැතහොත් දෙවන විකල්පය ක්‍රියාත්මක කිරීමට අපට බලකරනු ඇත,

ස්තුතියි

තෙරුවන් සරණයි

කථිකාචාර්ය දිලන්ත විතානගේ
ප්‍රධාන විධායක නිලධාරී- බොදු බල සේනා
සභාපති- බොදු ජන පෙරමුණ
0773218677
dilanthew@gmail.com

ඇමුණුම

විල්පත්තු වන විනාශයට එරෙහිව 2014 සිට මේ දක්වා බොදු බල සේනා ගනු ලබූ යම් උත්සාහ පිලිබඳ මෙහි සැකෙවින් දක්වා ඇත.

1) 2014 ජනවාරි

විල්පත්තු වන විනාශය පිලිබඳ තොරතුරු සෙවීම හා පෞද්ගලිකවම ගොස් එම දර්ශන වීඩියෝ කිරීම
2) 2014 මාර්තු 20 බ්‍රහස්පතින්දා

විල්පත්තු අභය භුමිය වැනසීම හා ඉඩම් මංකොල්ලය සහ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ආක්‍රමණය කිරීමේ මුස්ලිම් අන්තවාදී කුමන්ත්‍රණ පිලිබඳ මාධ්‍ය සාකච්ජාව –

 

මාධ්‍ය නිවේදනය- බොදු බල සේනා – 2014 මාර්තු 20

 ත්‍රස්තවාදී යුද්ධය නිසා අවතැන්වූවන්ට නිවාස ඉදිකිරීම හරහා විල්පත්තු වනයට සිදු විය හැකි හානි කර තත්වය හා සමාජ ඒකාබද්ධතාවයක් ඇති කලයුතු සමාජයක වෙනම මුස්ලිම් කලාප ඇති කරමින් මුස්ලිම් ගම්මාන ඇති කිරීම

අවතැන් වුවන්ට ගෙවල් ලබා දිය යුතුයි. එහිදී මුලින්ම කල යුත්තේ ඔවුන් යුද්ධයට පෙර පදිංචි වී සිටි ප්‍රදේශ වල නිවාස සාදා දී පදිංචි කල යුතුය. ශ්‍රී ලංකාවේ හරිත වනාන්තර විනාශ වෙමින් පවතින යුගයක විල්පත්තු වනාන්තරය අසල එළිපෙහෙළි කරමින් නිවාස සැදීමට කටයුතු කිරීම අතිශය භයානක පරිසර විනාශයකි. මේ රටේ පදිංචි වීමට කෙතරම් ඉඩ තිබියදීත් සිය දේශපාලනික අරමුණු සඳහා මෙලෙස වනාන්තර හා විශේෂයෙන් විල්පත්තු අභයභුමිය හෙළි කර විනාශ කිරීම හා එයට අනුමැතිය දීම භයානක අපරාධයක් බව බොදු බල සේනා අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කරමු.

රටේ බොහෝ අංශ වලට මෙන්ම අවතැන් වුවන් පදිංචි කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් තිබිය යුතුයි. උපායමාර්ගික සැලැස්මක් රටට තිබිය යුතුයි. එසේ නොමැති වීම තුල එක එක පුද්ගලයින් තමන්ට ඕනෑ දේවල කිරීමට යාම නිසා මෙම තත්වය ඇති වී තිබේ.

රිෂාර්ඩ් බදුර්දීන් යනු මේ රටේ කර්මාන්ත ඇමැතිවරයාය. ඔහු මැදපෙරදිග රටවලට ගොස් මුස්ලිම් වරුන් සඳහා පමණක් නිවාස සැදීමට එම රටවල රාජ්‍ය නොවන සංවිධාන සමග ගිවිසුම් ඇති කරගැනීම පොදුවේ රාජ්‍ය පාලනය පිළිබඳ ගැටළුවක් ලෙස අපි දකිමු.

අවතැන්වූවන්ට නිවාස ලබා දිය යුතුය. ඔවුන්ගේ ජනවාර්ගික හා ආගමික පදනම් ගැන නොසලකා ඔවුන්ට වහාම පහසුකම් සැලසිය යුතුය. නිදහසින් පසු හැම පාලනයක්ම කලේ විදේශ රටවල ඩොලර් වලට අනුව ඕනෑම කෙනෙකුට නිසි ලෙස කටයුතු කිරීමට ඉඩ සලසමින් දියාරුව කටයුතු කිරීමයි. සුනාමියෙන් පසුවද එය අපි පැහැදිලිව දුටුවෙමු. අදද එය සිදු වීම කණගාටුවට කරුණකි.

යුද්ධයෙන් පසුව කලයුතු වන්නේ සියලු පාර්ශව සමග කතා බස් කොට විශ්වාශය ඇති වන ලෙස හා සහයෝගිතාවය ඇතිවන ලෙස සමාජ ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කරනු ලබන යලි පදිංචි කිරීමක් සිදු කිරීමය.

එහෙත්
මෙලෙස නව මුස්ලිම් ගම්මාන ඉදි කිරීම අනාගත අර්බුධයක මූලාරම්භයක්ද?
එය සමාජ ඒකාබද්ධතාව පිලිබඳ ප්‍රතිපත්තියට එකඟ ද?,
ඔවුන් අනාථ වී ඇත්නම් ඔවුන්ගේ මුල් ගම්බිම් මොනවද?
ඔවුන්ට දීම සඳහා විලපත්තු අභය භුමිය විනාශ කිරීම කල හැකිද?.
ඒ සඳහා අවසර ලබා දීම කල හැකිද
අවසර දුන්නේ කවුද? පාර්ලිමේන්තු මන්ත්‍රී වරු හා පරිසර ඇමති මේ සම්බන්දයෙන් නිහඩ ද ?
ශ්‍රී ලංකාවේ නිවාස ඉදි කිරීම් ඇමතිවරයා මේ ගැන කියන්නේ කුමක්ද?
පරිසර රාජ්‍ය නොවන සංවිධාන නිහඩ ඇයි?
මේ සඳහා රජයට මුදල් ලැබුනේද?
රාජ්‍ය ඇමතිවරයෙක් රාජ්‍ය වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කල පසු එම මුදල් රාජ්‍ය නොවන සංවිධානයකට ලැබුනේද?
එසේ නම් එය රාජ්‍ය මුල්‍ය විනයට පටහැනි නොවේද?

ශ්‍රී ලංකාවේ මුහුදු බඩ තීරය ඇල්ලීමේ මුස්ලිම් අන්තවාදීන්ගේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබෙන බව හා ඒ පිලිබඳ සාකච්චා කිහිපයක් රටතුලත් , ජාත්‍යන්තරවත් තිබු බවට අපට ලැබුණු වාර්තා අනුව පුත්තලම්- මන්නාරම් මුහුදු බඩ ප්‍රදේශය ආක්‍රමණය මෙහිදී මෙම සැලැස්ම අනුව සිදු වන්නේද හා එය ශ්‍රී ලංකාවේ මෙන්ම කලාපීය ආරක්ෂාවට භයානක තර්ජනයක් තිබෙන බවද ?

යන කරුණු ගැන අප සොයා බැලිය යුතුය.

මෙම ගිවිසුම් පිලිබඳ තොරතුරු ලංකාවේ රාජ්‍ය වෙබ් අඩවිවල දැකිය නොහැකි වුවද පහත මැදපෙරදිග රාජ්‍ය නොවන සංවිධාන වෙබ් අඩවි වල දැකිය හැක.

http://www.jassimcharity.net/?ref=24&news=5

http://www.jassimcharity.net/?ref=24&news=12
(මෙම වෙබ් අඩවිය අපගේ හෙලිදරුව් කිරීම් වලින් පසුව ඉවත් කර ගෙන ඇත)

මෙම නිවේදනය මුස්ලිම් වරුන් හෝ අප රටට උපකාර කරන පුද්ගලයන් හා සංවිධාන වලට එරෙහි වීමක් නොවන අතර අපගේ රටේ අන්තවාදීන්ගේ හා රජයේ වැරදි ප්‍රතිපත්තිමය කරුණු හා සම්බන්ධීකරනය පිලිබඳ අර්බුධයක් බව පැහැදිලිවම ප්‍රකාශ කරමු.

http://www.jassimcharity.net/?ref=24&news=5

The Foundation signed by Sheikh Jassim bin Jabor Charitable Foundation Sheikh Thani bin Abdullah for Humanitarian Services “Ruff” and Sheikh Eid bin Mohammed Charity Memorandum of Understanding to support the Muslims of Sri Lanka, during the press conference which was held at the Sheikh Eid Charity Foundation last Thursday. Where the agreement was signed by the Sheikh Jassim bin Jabr Mr. Saeed Al Hajri, Chief Executive and the Sheikh Thani bin Abdullah for Humanitarian Services “Ruff” Mr. Ayed Al-Qahtani Chairman of the Board of Trustees Director General and Sheikh Eid bin Mohammed Charity Mr. Ali Al-Hajri member of the Board of Trustees Chairman of project management.

Following the signing, Mr. Saeed Al Hajri said that this project comes within the framework of close cooperation between charities in Qatar, where the features of this fruitful cooperation, especially in the Comoros, which is currently undertaken by national charities.
He pointed out that the story of this initiative comes after the end of the civil war in Sri Lanka, causing the displacement of many Muslims who are suffering; where do not find houses to protect them the free and protected from the cold, as well as suffering health and lack of medical clinics, schools and other necessities of infrastructure .

He pointed out that His Excellency Sheikh Nawaf bin Jassim bin Jabor Al Thani, Deputy Chairman of the Sheikh Jassim bin Jabor Charitableface to save the Muslims of Sri Lanka in collaboration with other charities country, responded by both the festival and Ruff and began an exploratory trip to the need of the Muslims there, the study of reality, and today This response Ntoj signed a memorandum of understanding for cooperation between us.

He noted that the projects set up there a few from the Gulf states, where the village of Al Qasimi, the thousand homes and 42 homes have constructed a Kuwaiti charity. He said through this agreement we intend to build more than two thousand houses of the Muslims, come the first phase of the Sheikh Jassim construction of 200 houses with an area fifty meters square, where the housing consists of single rooms and a kitchen and bathroom will accommodate from five to seven members.

He noted in this aspect that the government Sri Lankan signed with the Sheikh Jassim bin Jabr agreement for the provision of infrastructure such as roads, transport, water, electricity, and have the land to its inhabitants, where he was given the individual four thousand square meters, up-growing and living, was further agreed to issue title deeds to users. And the cost of building housing Al-Hajri said: housing costs the equivalent of twenty-one thousand riyals, and the mosque, the cost starts from fifty thousand riyals. He thanked Sheikh Eid Al-Hajri and the Foundation shall, and wished to increase coordination to maximize the benefit, God willing.

For his part, eighth, Mr. Ayed Al-Qahtani initiative, thanking the Sheikh Jassim and Sheikh Eid Charity and noting that this project is waiting for nearly 50 thousand Muslims displaced people in Sri Lanka, and not have the most basic necessities of life, and called upon Muslims and good people to pay attention to these Muslims displaced, Muslim to Muslim Kalpnian pull each other. The Al-Qahtani to the charities of country are now working with joint efforts, preceded by studies of deep, underlying the specialists in all areas, not only its best only on relief, but also to development projects and construction and renaissance of Muslims all over the world, and this comes under the keen leadership Qatar to promote good human beings and encourage them to provide a helping hand to the needy, and this is the one who enhanced the role of Qatar regionally and internationally, where it is giving people appreciate this and explained that the Rav would start building 100 houses as a first stage.

Mr Ali Al-Hajri member of the Board of Trustees Foundation Sheikh Eid Charity, welcomed the guests during the press conference, praising the initiative of the Sheikh Jassim charitable, pointing out that the Sheikh Eid will build 100 houses also in the first phase, and that this cooperation will continue, especially after the experience has shown that the joint coordination in charitable work gives a great benefit.

http://www.jassimcharity.net/?ref=24&news=12

Related posts

මැතිවරණය නොවෙයි වැදගත් අපේ රටේ ජනතාව – ආරක්ෂක ලේකම්

colombotoday

ධම්මිකගේ කොවිඩ් ඔසුවට ආයුර්වේද අනුමැතිය

colombotoday

චම්පිකගේ ජීප් රිය පැදවූයේ මා නොවෙයි රියැදුරු අධිකරණයට කළ ප්‍රකාශයකින් හෙළිවෙයි

colombotoday

පාර්ලිමේන්තු කටයුතු අරඹයි

Admin

රජයේ නිලධාරීන් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් ප්‍රකාශ කිරීම ගැන චක්‍රලේඛයක්

colombotoday

මැයි රැලියෙන් පසු මහ පෙරැළියක් !

colombotoday