Colombo Today Local News

ගබඩාකර තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් STF මෙහෙයුමකින් සොයාගනී

අධිබලැති පුපුරන ද්‍රව්‍ය වන ඇමෝනියම් නයිට්රේට්, ජෙලට් නයිට් කූරු, සේවානූල් ඇතුළු භාණ්ඩ විශාල තොගයක් මාතර සහ ගන්දර පොලිස් බලප්‍රදේශ දෙක තුළදී සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමත් වී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව වැටලීම් සිදුකර ඇත.

එහිදී සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනුණි.

ගල් වැඩපොළක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම පුපුරණ ද්‍රව්‍ය ගබඩාකර ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා එම පුපුරණ ද්‍රව්‍ය සහ සැකකරුවන් මාතර පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

Related posts

“සාලි අළුත ගෙනා මනමාළි දවටගහ පල්ලියත් කළඹයි“ සාලිට එරෙහිව පල්ලිය ඉදිරියේ විරෝධතා

colombotoday

තවත් විල්පත්තුවක් කරන්න යන, මාදුරු ඔය රක්ෂිතයේ වන සංහාරය. (VIDEO)

colombotoday

ඖෂධ සහ ශල්‍ය උපකරණ වල හිගයෙන් පේරාදෙණිය රෝහලේ සැත්කම් නවතී

colombotoday

නාගදීප දූපතේ දකුණු වෙරළ සීමාවට රෝහල් අපද්‍රව්‍ය තොගයක් ගොඩගසයි

colombotoday

අලුත් මුහුණු හතරකට ආණ්ඩු පක්ෂයේ තනතුරු

colombotoday

‘හිටපු කොටි ක්‍රියාකාරීන් සියල්ල අපේ පක්ෂයට බඳවාගන්නවා‘ – සුමන්තිරන්

colombotoday