Colombo Today Local News

“සයිටම් අවජාතක දරුවෙක්.. සුජාත භාවය දෙන්නයි අපි හදන්නේ“ අධ්‍යාපන ඇමති

‘සයිටම්‘ නම් අවජාතක දරුවා බිහිකළේ පැවති ආණ්ඩුව බවත්, එයට සුජාතභාවය ලබා දීම මේ ආණ්ඩුවේ වගකීම බවත්, අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඊයේ (04) කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.

“සමහර සංවිධාන සයිටම් ප්‍රශ්නය අල්ලාගෙන වැඩවර්ජන රැල්ලක් ක්‍රියාත්මක කරන්න යනවා. මාධ්‍යවලින් අපි දැක්කා. 2015 මැතිවරණය අපි ජයග්‍රහණය කරලා මේ වෙනකොට අවුරුදු දෙකක් වත් තව ගත වුණේ නැහැ. මේ ආණ්ඩුව අවුරුදු පහකට පත් වුණේ.

මේ ආණ්ඩුව පෙරළන්න දේශපාලන න්‍යාය පත්‍රවලට අද වැඩවර්ජන ක්‍රියාත්මක කරන්න සමහරු උත්සාහ ගනිමින් ඉන්නවා. බලයෙන් ඇත් වෙලා විපක්ෂයේ වැඩි කල් ඉන්න බැරි බලලෝභී දේශපාලඥයන් තමයි මේ විදියට කටයුතු කරන්නෙ.

මේ වැඩවර්ජන රැල්ල සයිටම් ආයතනයේ ප්‍රශ්නයක් විදියට අපි දකින්නේ නැහැ. මේක වෙනත් විදියකින් එන රැල්ලක්.“ යැයිද ඇමතිවරයා පැවසීය.

Related posts

උණ්ඩ ප්‍රවාහනය කළ කෝප්‍රල්- සාජන් මේජර් පොලිස් අත්අඩංගුවට

Admin

ඖෂධ ආනයනයට ඩොලර් මිලියන 16ක් මහා භාණ්ඩාගාරයෙන් මුදාහරි

colombotoday

ජනපති කාර්යාලයේ සියලු පිවිසුම් විරෝධතාකරුවෝ අවහිර කරති

colombotoday

රන්ජන්ට ඇප නෑ !

colombotoday

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට හේතුව යහපාලනය යැයි කබ්රාල්ගෙන් චෝදනා

colombotoday

අද සිට 16වනදා තෙක් විදුලිය කැපෙන හැටි

colombotoday