Colombo Today Local News

සංජය රාජරත්නම් නීතිපති ධුරයේ දිවුරුම් දෙයි

නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා අද (26)දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

සංජය රාජරත්නම් මහතා මෙරට 48 වන නීතිපතිවරයාය.

නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 34ක සේවා කාලයක් සපුරා ඇති රාජරත්නම් මහතා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, අතිරේක සොලිසිටර් ජනරාල්, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සහ වැඩබලන සොලිසිටර් ජනරාල් යන ධුරයන් හොබවා තිබේ.

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ සහ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇති ඔහු ලන්ඩනයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබා ඇත.

රාජරත්නම් මහතා එංගලන්තයේ සහ වේල්සයේ සොලිසිටර්වරයෙකි.

ඔහු 2014 නොවැම්බර් මාසයේදී ජනාධිපති නීතිඥවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.

සිවිල් හා අපරාධ නීති අංශ පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති ඒ මහතා දීර්ඝ කලක් ඉහළ අධිකරණවල පෙනී සිට ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍යම බුද්ධි ඒකකය ඇතුළු රජයේ ආයතන කිහිපයකම උපදේශක ධුරය හෙබවූ ඔහු ශ්‍රී ලංකාවේ නීති කොමිෂන් සභාවේ සහ නීති අධ්‍යාපන කවුන්සිලයේ ද සාමාජිකයෙකි.

දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද එක්ව සිටියේය.

Related posts

හිටපු හමුදාපතිට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ වෙයි

colombotoday

සයිටම් විරෝධය නැවතත් මහපාරේ ඇවිළෙයි.. කදුළු ගෑස්, අධිපීඩන ජල ප්‍රහාර දී විසුරුවාහැරේ

colombotoday

රංජන්ගේ නිල නිවාසත් අහිමි වන ලකුණු

colombotoday

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ CID කැදවයි.. අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !

colombotoday

මුහුදු මහා විහාරයට අයත් අක්කර 72 ක ගැසට් කිරීම සඳහා භුමිය මැනීමට යයි

colombotoday

අනිත් ජනාධිපතිවරු වගේ නෙවෙයි.. මම කාටත් ඇහුම්කන් දීල රටේ අවශ්‍යතාවය වෙනුවෙන් තීරණ ගන්නෙ

colombotoday