Colombo Today Local News

මුහුදු මහා විහාරයට අයත් අක්කර 72 ක ගැසට් කිරීම සඳහා භුමිය මැනීමට යයි

අම්පාර පොතුවිල් මුහුදු මහ විහාර භූමියේ මැනුම් කටයුතු යළි කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා හා මැනුම්පති ශ්‍යාමලී පෙරේරා මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් අද (20) පැවැත් විය.

මුහුදු මහා විහාර භූමියේ යළි මැනුම් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා ඊයේ (19) පැවසූ බව ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත.

මුහුදු මහා විහාරයට අයත් අක්කර 72 ක භූමි භාගයක් ගැසට් නිවේදනයක් මගින් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ලබන බව කී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර එම භූමි භාගය නිවැරදිව මැන ගත යුතු වන බවද ප්‍රකාශ කළේය.

මුහුදු මහා විහාරයේ වර්තමාන තත්ත්වය දැන ගැනීම සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා ලබන 27 වැනිදා එම ප්‍රදේශයට යෑමටද නියමිතය.

මුහුදු මහා විහාර භූමියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමටද කටයුතු කරගෙන යන බව පුරාවිද්‍යා ​අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

Related posts

පොලිස්පතිවරයාගේ හිතවත්කම් ගැන කියා විමර්ශනවලට බලපෑම් කලොත් දැඩිව නීතිය ක්‍රියාත්මකයි.

colombotoday

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday

විදේශ ගමන් බලපත්‍ර ගාස්තුත් ඉහලට

Admin

ශවේන්ද්‍රගේ පත්වීමෙන් TNA මන්ත්‍රීලා කුලප්පු වෙයි… ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි…

colombotoday

38 වැනි ලෝක කම්කරු දිනය අද

Admin

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී මාසික වැටුප සිරගත බුද්ධි නිලධාරීන්ගේ සුබසාධනයට

colombotoday