Colombo Today Local News

හම්බන්තොටදි කොල්ල කාලා තියෙන්නේ නැව්ද? වරාය හා ඉඩම්ද?

nw123“හම්බන්තොට නැව් කොල්ලයක් ගැන කියන ආන්ඩුව ඇයි කියන්නෙ නැත්තේ මුලින්ම කොල්ල කෑව දේවල් ගැන?”

හම්බන්තොටදි ඉඩම් කොල්ලය හා වරාය විකිණීම සම්බන්ධව  කොළඹදී පැවති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනමාධ්‍ය හමුවේදී එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මේ බව ප‍්‍රශ්න කලේය.

“පසුගිය දවස්වල හම්බන්තොට වරාය සේවකයන්ගේ උද්ඝෝෂණයක් තිබුණා. ඒකට පහර දුන්නා. ඒ පිළිබඳව වාර්තාවක් සකස් කරන්න නාවික හමුදාපතිවරයාට භාරදීලා තිබුණා. ඊයේ ඒ වාර්තාව අගමතිවරයාට භාර දීලා තිබුණා.

හම්බන්තොට වරාය ආශි‍්‍රත මේ සිදුවීම වර්තමාන අණ්ඩුව කි‍්‍රයාත්මක කරන්න යන ආර්ථික ප‍්‍රතිපත්තිය සහ දේශපාලන ප‍්‍රතිපත්තිය පිළිබඳව අනගි උදාහරණයක්. ආණ්ඩුව කි‍්‍රයාත්මක කරන ආර්ථික ප‍්‍රතිපත්තියේ කරුණු මේ ගැටුම පසුබිමේ තියෙනවා. ඒ ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක වෙද්දි ජනතාවට දෙන උත්තරය මේ සිදුවීම තුළ තියෙනවා.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමත් සමග මුල්‍ය අරමුදල එහෙම නැත්නම් ලෝක බැංකුව තව අදිරයකින් වේගවත් වෙලා. ලෝක බැංකුවේ වුවමනාවට අනුව අයවැය ලේඛනය හදලා තියෙන්නේ. ඒ ප‍්‍රතිපත්තිවල එක් පියවරක් ලෙස තමයි හම්බන්තොට වරාය චීන සමාගමකට විකුණා දැමීමට පියවර අරන් තියෙන්නේ. ඒ වරාය ආශි‍්‍රතව තියෙන ඉඩම් ඇතුළුව අක්කර 15,000ක ප‍්‍රමාණයක් අවුරුදු 198කට, පරම්පරා තුනකට, ශතවර්ෂ දෙකකට බදුදීම සඳහා යෝජනා කරලා තියෙනවා.

මේ ආර්ථික ප‍්‍රතිපත්තිය තව ආයතන ගණනාවකට, කි‍්‍රයාත්මක කරන්න නියමිතව තියෙනවා. කොළඹ වරාය අශි‍්‍රතව තියෙන ජැටියක් මේ විදියට විකුණන්න නියමිතයි. ලබන අවුරුද්ද තුළදී. ආයතන ගණනාවක් විකුණා දමන්න ආණ්ඩුව ලෑස්තියි. ඒක අයවැයෙන්ම කියලා තියෙනවා. ස්වභාවික සම්පත් රාජ්‍ය ආයතන කොච්චර කිකුණා දමයිද කියලා අපි දන්නේ නැහැ. මෙහෙම තමයි ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ඉස්සරහට කි‍්‍රයාත්මක වෙන්නේ.

මේකට විරෝධය පළ කරමින් තමයිි වරාය සේවකයන්ගේ අඛණ්ඩ විරෝධතා කි‍්‍රයාත්මක වුණේ. ඒක විසුරවා හැරීම සඳහා නාවික හමුදාව මැදිහත් වුණා. ඒක ඇතුලේ නාවික හමුදාපතිගේ මැදිහත්වීම තියෙනවා. ඒ අනුව මාධ්‍යවේදීන්ට, කම්කරුවන්ට පහර දුන්නා. මේ සිදුවීමට සමාජයේ සියලූ සංවිධාන දේශපාලන පක්ෂ මේ සියලූ දෙනා මේකට විරෝධය පළ කළා. ජනමාධ්‍ය වේදීන් දිස්තී‍්‍රක් මට්ටමෙන් උද්ඝෝෂණ කළා.
ඊයේ අපි දැක්කා නාවික හමුදාපතිවරයා ඒ ගැන වාර්තාවක් හදලා. මේක හොරාගේ අම්මගේ පේන අහනවා වගේ වැඩක්. එයාම තමයි වාර්ථාව හදන්නේ. ඒ වාර්තාව බලලා ආග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශයක් නිකුත් කරනවා. ඔහු කියනවා ‘මේ උද්ඝෝෂණ විසුරුවා හරින්න මම තමයි නියෝගය කළේ’ කියලා. ඔහු ඒ එක්කම කියන්නෙ, මේ ගැන කරලා තියෙන පැමිණිලි එකක් තංගල්ලෙ කරලා තියෙනවා. පරිශ‍්‍රයට ඇතුල් වුණේ අවසරයකින් තොරව කියලා තවත් පැමිනිල්ලක් කරලා තියෙනවා. . ඒ නිසා ඒ සම්බන්ධයෙන් තියෙන පැමිණිල්ලට පරික්ෂණ කරනවා කියලා අගමැති කියනවා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කියනවා නම් ‘මම තමයි මේ විරෝධතාව විසුරවාහරින ලෙස උපදෙස් දුන්නේ’ කියාලා. එතන තර්ජනයක් තියෙනවා. මේ නියෝගය බොහෝ සැලසුම් සහගතව තමයි සිදු කළේ. එතනින් නතර වුණේ නැහැ. කටයුත්ත සම්බන්ධයෙන් නාවික හමුදාපතිවරයාට ප‍්‍රසාංසා කරනවා.

වික‍්‍රමසිංහ මහත්තයා කියන්නේ ලිබරල් නායකයෙක් කියලානේ කියන්නේ. ලෝකය දෙස බැලූවත් ලිබරල් නායකයො හැසිරෙන විදියක් තියෙනවා. අපි හිතන්නේ නැහැ ඒකේන් සමාජයට යහපතක් වෙනවා කියාලා. සාමාන්‍යයෙන් ලිබරල් නායකයෝ මේවට ප‍්‍රතිචාර දක්වන්නේ නැතිව ඉන්නවා. නැත්නම් විවේචනයක් සහිත ප‍්‍රතිචාරයක් දක්වනවා.

මේ ප‍්‍රහාරයෙන් නිවාක හමුදාපතිවරයා නාගන්නවා. සමාජයේන් අප‍්‍රසාදයට ලක් වෙනවා. ඒ වෙලාවේදී ඔහුගේ ඒ දුර්වලතා ආරක්ෂා කරන්න අගමැති ඉදිරිපත් වෙනවා. මේ පිටුපස තියෙන්නේ රාජ්‍ය ආරක්ෂා කරන, ඕනෑම ජඩ වැඩකට දේශපාලන අදිකාරිය සුදානම්. ඒ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ගහපු කයිවාරු, කෙප්ප, ඒ ගැන දීපු හීන, එකත්වත් දැන් අදාළ නැහැ. දේශපාලන නායකයෝ මෙවැනි නිලධාරින්ට කැමතියි. මේ නිලධාරින් නිසා තමයි ආණ්ඩුවල තියෙන ඕනෑම කුණුගොඩක් ඇදගන්න පුළුවන්. ජනාත මර්දන කි‍්‍රයාත්මක කර ගන්න පුළුවන්. ඒ නිලධාරින් බලාපොරොත්තුවකින් ඉන්නවා එයාලගේ උසස්වීම ගැන. ඔහුගේ තනතුර ගැන. ඒකට උත්තරේ තියෙන්නේ තමන්ට ඉහළින් ඉන්න දේශපාලන අදිකාරියෙන්. පවරන ඕනෑම වැඩක් කොටකලිසම ගහල නෙවෙයි හෙළුවෙන් වුනත් කරන්න ලෑස්තියි. ඊයේ පැවැත්වුණා ජනමාධ්‍යවේදීන් විසින් සූදානම් කළ සම්මන්ත‍්‍රණයක්. මේකට සහභාගි වුණා ප‍්‍රවෘත්ති දේපාර්තමේන්තුවේ රංග කලන්සූරිය මහත්මයා. පහරකෑව මාධ්‍යවේදියාගෙ ආචාර ධර්ම ගැන ඔහු කලින් නිවේදනයක් නිකුත් කරලා ඒකට විශාල විරෝධයක් ඇවිල්ලා තිබුණා. එබදු තත්වයක් යටතේ ඔහු ඒ සම්මන්ත‍්‍රණයට සහභාගිවෙලා මාධ්‍ය සදාචාරය ගැන හදිසියේ ඉගැන්නුවා.

ඊලඟට මතුවෙලා තියෙනවා නැව් කොල්ලයක් ගැන. එහෙම නැව් කොල්ලයක් වුනොත් නාවික හමුදාවට මැදිහත් වීමේ බලය තියෙනවා. මෙතන කොල්ල කාලා තියෙන්නේ නැව්ද? වරාය හා ඉඩම්ද? ඉඩම් අක්කර 15,000ක් කොල්ලකාලා තියෙන ඇයි ඒක පෙණුනෙ නැත්තේ. වරාය කොල්ල කාලා තියෙන එක ඇයි පෙණුනෙ නැත්තේ. පළමුවැනි කොල්ල කෑම තමයි චීන සමාගම්වලට හම්බන්තොට වරාය වර්ෂ 198කට, ශතවර්ෂ දෙකකට, පරම්පරා තුනකට කොල්ල කන්න ඉඩදීම ඒක නෙවෙයිද කොල්ලය? ඒකට උද්ඝෝෂණය කරද්දි නැව්දෙකක් හිරවෙලා තියෙන එකද? කොල්ලය. අක්කර 15,000ක් ඉඩම් කාපු එකද? නීතිය, පොලිසිය, නාවික හමුදාව තියෙන්නෙ කවුරු ආරක්ෂා කරන්නද? කොල්ල කන්න තියෙන අයිතිය තමයි මේ ආණ්ඩුව ආරක්ෂා කරන්නේ. ඒ නැව්වල මොනවද නැතිවෙලා තියෙන්නේ. ඉතිහාසයේ බරපතළම කොල්ලයක් වහන් කරලා තියෙනවා.

මේ අස්සේ සමහරු උත්සාහ කරනවා හමුදාවට සුදුහුණු ගාන්න. වැලිවේරියේ පහරදීමට හමුදාව නෙවෙයිද ආවේ. හලාවත ධීවර අන්ටනී ඝාතනයට හමුදාව නෙවෙයිද මැදිහත් වුනේ? කටුනාය රොෂේන් චානක මරා දැමුව උද්ඝෝෂණයට කවුද ආවේ. රාජපක්ෂලාත් මේක කළා. දැනුත් ඒකම වෙනවා. හමුදාව පොලිසිය මර්දනය කරන්න තියෙන තැන්ක්. ඒ කතාව විවෘත වෙලා, නිර්වස්ත‍්‍ර වෙලා පේනවා දැන් පේන්න පටන් අරන්. අපිට අදාළ නැති වුණත් සේනාධිනායකට තමයි බලය තියෙන්නේ සේනාවට නියෝග නිකුත් කරන්න. එතකොට අග‍්‍රාමාත්‍යවරයා මැදිහත් වුණේ කොහොමද?

කම්කරුවන්ගේ රැුකියා අහිමිවීම සම්බන්ධ ප‍්‍රශ්නයට පැහැදිලිවම පහුගිය ආණ්ඩුව වගකිව යුතුයි. මේතන විතරක් නෙවෙයි මේවා මෑන්වර ආයතනවලට සේවකයෝ බඳවා ගන්නවා. රජයේ රැුකියාවල් දෙන්නම් කියලා පොරොන්දු වෙනවා. කැන්වසින්වල අරන් යනවා. අන්තිමේට දීපු රැුකියාවක් නැහැ. මේ ඉඩම් කොල්ලය නෙවෙයිද? රාජපක්ෂ කාලයේ කොළඹ නගරය ආශි‍්‍රතව සිදුවුණේ. නාගරික වතු ජනතාවට පහර දීලා පැන්නුවේ මේ ඉඩම් කොල්ලය නිසා නෙවෙයිද? දැන් ඒ ගොල්ලෝ මේ කොල්ලය වෙනුවෙන් පෙනි ඉන්නවා. ඒක ව්‍යාජයක්, වංචාවක්. චීනයට, සූදුපොළවල් කි‍්‍රයත්මක කරන අයට ඉඩම් දෙන්න ලෑස්තිවෙලා හිටියෙ. එතකොටත් තිබුනේ මේ ප‍්‍රතිපත්තිය ප‍්‍රතිපත්තිමය වශයෙන් මොකක්ද තිබුණේ වෙනස. “

Related posts

ධීවරයින් පිරිසක් විසුරුවා හරින්න අහසට වෙඩි

Admin

මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු පිරිසක් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවයි..

colombotoday

පාකිස්ථාන් අන්තාවදීන් රොත්තක් රටට ඇතුල් වේ.. කලින් හරවා යැව්වත් රාජ්‍යතාන්ත්‍රික වීසා අරන් අපහු ඇවිත් !

colombotoday

දිනේෂ්ගේ කොළඹ නිවසටත් ප්‍රහාරයක්

colombotoday

“ලංකාවේ ක්‍රිකට් විනාශ කරා.. අවුල් ජාලයක් කරා…” – මුරලිගෙන් දේශපාලකයන්ට ප්‍රබල චෝදනාවක්

colombotoday

මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක සාමාජිකයන් දෙදෙනෙකු කෝටියක මත්ද්‍රව්‍ය සමඟ අල්ලයි

colombotoday