Colombo Today Local News

ඇමති ආරක්ෂකයෝ විදෙස් තරුණියකට අතවර කරලා.. පැන යද්දී දෙන්නෙක් අල්ලයි

ගල්කිස්ස මුහුදු තීරයේ දිය නාමින් සිටි රුසියානු ජාතික තරුණියකට ලිංගික අතවර කළ බව කියන ඇමති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, ගල්කිස්ස වෙරළ තීරයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් ඊයේ (28) පස්වරුවේ කළ වැටලීමකදීය.

අදාළ රුසියානු ජාතික තරුණිය සිද්ධිය සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරීන්ට පැමිණිලි කර තිබේ.

ඒ අනුව පොලිස් නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේ දී එම නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඔවුන් පලා යාමට උත්සහ දරා ඇති බව පොලිසිය පැවසුවේය.

අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙරුණු අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඔවුන් ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කරන බවයි.

සැකකරුවන් මිරිහාන හා කන්තලේ යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

ඔවුන් අද (29) ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

(නෙත් නිව්ස්)

Related posts

ජාතික ආරක්ෂාව තහවුරු කරන එකට පකිස්ථානය අකමැතිද?

colombotoday

විශ්වාසභංග විවාදය ඇරඹෙයි – සජීවි විකාශය මෙන්න

colombotoday

කොළඹ ප්‍රධාන දුම්රිය ස්ථාන පිහිටි ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන ලෙස දියුණු කිරීමට කැබිනට් අනුමැතිය

Admin

එමිරේට්ස් ගුවන් මගි තහනම තවදුරටත් දීර්ඝ කරයි

colombotoday

වොක්ස්වැගන් කම්හල ජනවාරියේ පටන් ගන්නවාමයි

colombotoday

තිලක් මාරපන ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි. අස්වීමේ ලිපිය ජනපතිට යවයි

colombotoday