Colombo Today Local NewsColombo Today Sports News

ලකුණු 155 කින් ලංකාවට ජය

ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වූ එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ලකුණු 155කින් ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ තරගයක් ඉතිරිව තිබියදීමයි.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දී අවිශ්ක ප්‍රනාන්දු සහ පැතුම් නිස්සංක ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළේය.

පළමු තරගයේ ද්විත්ව ශතකලාභී පැතුම් නිස්සංක අද පළමු කඩුල්ල ලෙස ලකුණු 18කට දැවී ගියේ ය.

අවිශ්ක ප්‍රනාන්දුත් රැස් කලේ ලකුණු 5ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් එක් කළේ නායක කුසල් මෙන්ඩිස් සහ සදීර සමරවික්‍රමයි. ඒ ලකුණු 103ක සබඳතාවයක් පිහිටුවමිනි.

කුසල් මෙන්ඩිස් ලකුණු 61ක් රැස් කර ගත්තේ 28වැනි එක්දින අර්ධ ශතකය සටහන් කරමිනි.

සදීර සදරවික්‍රම ලකුණු 52ක් රැස් කළේ ය.

පස්වැනි කඩුල්ලට පිටියේ එක් වූ ජනිත් ලියනගේ සහ චරිත් අසලංක ගොඩනැගූ සබදතාවය ලකුණු 111කි.

ජනිත් ලියනගේ ලකුණු 50යි.

චරිත් අසලංක හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමග නොදැවී ලකුණු 97ක් රැස් කළේ ඉනිම තවත් ඔසවා තබමිනි.

ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 6ක් දැවී ලකුණු සංඛ්‍යාව 308ක ඉලක්කයක් නිර්මාණය කලේය.

ඇෆ්ගනිස්ථාන පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල ලෙස රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු 8කට දැවී ගියේ ය.

රහ්මට් ෂා සහ ඊබ්‍රාහීම් සද්රාන් දෙවැනි කඩුල්ලට ලකුණු 97ක සබඳතාවයක් ගොඩනැගුවේ ය.

සද්රාන් ලකුණු 54කට දැවී ගියේය.

රහ්මට් ෂා ලකුණු 63කට දැවී ගියේ ය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග ලකුණු 27ට කඩුළු 4ක් බිද හෙළුවේ ය.

ඩිල්ෂාන් මධුෂංක සහ අසිත ප්‍රනාන්දු අතරේ කඩුළු 2 බැගින් බෙදී ගියේ ය.

ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 33යි පන්දු 5ක් තුළ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුනු 153ක් පමණි.

ඒ අනුව ලකුණු 155කින් මෙම තරගය ජය ගත් ශ්‍රී ලංකාව තරගයක් ඉතිරිව තිබියදීම තරග 2ට 0ක් ලෙස තරගාවලියේ ජය තහවුරු කර ගත්තේ ය.

ශ්‍රී ලංකාව එක්දින තරග ඉතිහාසයේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව වැඩිම ලකුණු පරතරයකින් ජය ගත් තරගය ලෙස වාර්තා ද අලුත් විය.

Related posts

ආර්ථික හා කෘෂිකාර්මික විෂයයන් ජනපති යටතට !

colombotoday

රජයේ දෙපාර්තමේන්තු 2ක් ඈවර කරයි

Admin

දකුණු ලකේ සාහිත කලා සුරු විරුවන් පුදන කෝරළාභිමානී සම්මානයෙන් පිදුම් ලැබූ ලොව ප්‍රථම ප්‍රවෘත්ති නිවේදක භික්ෂූන් වහන්සේ !

colombotoday

කුසල් ජනිත් ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට කැඳවීමක්

Admin

අජිත් P පෙරේරා ජන්ද ගන්න තමන්ගේ ජාතකෙත් වෙනස් කරා – තෙවරප්පෙරුම

colombotoday

“අළුත් පක්ෂයක් හදන්න මේ හොදම කාලයයි.. ඒ පක්ෂයේ නායකත්වය ගන්නැයි ඉල්ලීම් ලැබෙනවා”

colombotoday