ArticlesColombo Today Local News

දකුණු ලකේ සාහිත කලා සුරු විරුවන් පුදන කෝරළාභිමානී සම්මානයෙන් පිදුම් ලැබූ ලොව ප්‍රථම ප්‍රවෘත්ති නිවේදක භික්ෂූන් වහන්සේ !

කවියකු ගී පද රචකයකු ළමා නාට්‍ය පිටපත් රචකයකු මෙන්ම ජාත්‍යන්තර ගුවන් විදුලි සේවයක කටයුතු කරන ප්‍රථම භික්ෂු ප්‍රවෘත්ති නිවේදක ලෙස ගෞරවාදරයට පත්ව සිටින ශාස්ත්‍රපති පූජ්‍ය කොඩිකාරගොඩ සුනීත හිමියන් පසුගියදා කෝරළාභිමානී උපහාර සම්මානයෙන් පිදුම් ලැබුවා.

දකුණු ලක මොරවක් කෝරළයෙන් බිහිවී ජාත්‍යන්තර සහ ජාතික මට්ටමෙන් දක්ෂතා දැක්වූ කලාකරුවන් ඇගයීම සඳහා පවත්වනු ලබන මෙම උපහාර සම්මානු උළෙල සංවිධානය කරනු ලබන්නේ දකුණු ලක ජනප්‍රියතම ප්‍රාදේශීය පුවත්පත වන කෝරළේ පුවත්පත විසින්.

මොරටුව වේල්ස් කුමරි ජාතික පාසලේ උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය සහ බුද්ධ ධර්මය විෂය භාර ගුරුවරයා ලෙස සේවය කරන කොඩිකාරගොඩ සුනීත ස්වාමීන් වහන්සේ රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදක සහ නිවේදක වරයෙකු ලෙසත් බෞද්ධයා ගුවන්විදුලි නාලිකාවේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු හා නිවේදකයකු ලෙසත් සේවය කොට තිබෙනවා.

වසර එක හමාරක පමණ කාලයක් බුද්ධ ශාසන අමාත්‍යංශයේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකයේ රාජ්‍ය සේවකයකු ලෙස සේවය කළ උන්වහන්සේ වයස අවුරුදු දාහතරේ සිට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හඳමාමා ළමා වැඩසටහනේ ළමා නිවේදකයෙකු ලෙස සුමනා ජයතිලක සහ ලැම්බට් පෙම්මාවඩු ප්‍රවීණ ශිල්පීන් යටතේ පුහුණුව ලැබූ අයෙක්.

2003 වර්ෂයේදී ජන සන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාව සමත් වූ උන් වහන්සේ 2010 වර්ෂයේ දී විශේෂ ශාස්ත්‍රවේදී උපාධියත් 2013 වර්ෂයේ දී ශාස්ත්‍රපති උපාධියත් සමත් වී තිබෙනවා.

2016 වසරේ සිට මේ වන විට වසර හතරක් චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල ශ්‍රී ලංකා සේවයේ ප්‍රවෘත්ති හා වැඩසටහන් නිවේදකයෙකු ලෙස උන්වහන්සේ අඛණ්ඩව සේවය කරනවා.

2010 වර්ෂයේ ජාතික නිදහස් උළෙල තේමා ගීතය රචනා කළ උන් වහන්සේ 2013 වර්ෂයේදී රාජ්‍ය සම්මාන සඳහා නිර්දේශ වූ “හිඹුටු කැලේ” ළමා ගී සංයුක්ත තැටිය දැයේ දූ දරුවන් ට දායාද කළා.

ජාත්‍යන්තරයට ප්‍රවෘත්ති නිවේදක භික්ෂුවක ලෙස සිංහල හඬ රැගෙන යාම වෙනුවෙන් සහ ගී පද රචනය මෙන්ම ළමා සාහිත්‍ය වෙනුවෙන් උන්වහන්සේ කරන ලද සේවය ඇගයීමට ලක් කරමින් කෝරළාභිමානී සම්මානය පිරිනැමුණා.

මෙය සංවිධානය කොට තිබුණේ දකුණු ලක ජනප්‍රියතම ප්‍රාදේශීය පුවත්පත වන කෝරළේ පුවත්පත මගින්.

මෙම උපහාර සම්මාන උළෙලේදී මොරවක් කෝරළයෙන් බිහිවූ ජාතික මට්ටමේ දක්ෂතා දක්වා ඇති ප්‍රවීණත්වයට පත් ප්‍රවීණ ගී පද රචක පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ,චිත්‍රපට අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයරත්න මහතා,චිත්‍රපට අධ්‍යක්ෂ සුජීව ගුණරත්න මහතා,සංගීත අධ්‍යක්ෂ අමිත් ලියනගේ මහතා,ගුවන් විදුලි ශිල්පී ධනංජය හේවගේ මහතා සහ ගායන ශිල්පී ලක්ෂ්මන් වෙත්තිනිගේ මහතා සම්මානයට පාත්‍ර වුණා.

සටහන – සී.එස්. බණ්ඩාර.

Related posts

කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න විමර්ශනයට CID කණ්ඩායම් 3ක්

colombotoday

දේශපාලන අස්ථාවරය මැද ආර්ථික අපහසුකම් නිසා රට හැරදා යාමට තරුණ පිරිස් පෝලිමේ

colombotoday

දිගටම මෙහෙම උනොත් බේකරි වලත් පෝලිම් හැදෙයි… බේකරි 2,000 ක් වැහිලා

colombotoday

“සුළු ජාතීන්ට අසාධාරණයක් වෙලා.. ඔවුන් නොසතුටින් නිසා මූහුණුවල ලේ බිදුවක් පේන්න නෑ” – ජනපති

colombotoday

සෞඛ්‍යය වර්ජනය අඛණ්ඩව

Admin

ගම්පහ සහ අක්කරෙයිපත්තුවේ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Admin