Colombo Today Local News

හමුදා කඳවුරට පැන්න විපක්ෂ නායකයා හැකිනම් අත්අඩංගුවට ගෙන පෙන්වන්න – පොලිස්පතිට අභියෝගයක් !

කිලිනොච්චියේ යුද හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළු වූ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් අත්අඩංගුවට ගන්නැයි ඒකාබද්ධ විපක්ෂය පොලීසියට බල කර සිටියි.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිළ මෙම අදහස් පළ කළේ කොළඹ අද (24) පැවැති මාධ්‍ය හමුවකදීයි.

විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ රාජ්‍ය නොවන සංවිධානයක නිලධාරීන් කණ්ඩායමක් සමඟ මෙම යුද හමුදා කඳවුරට ඇතුළු වී ඇති බවට ඔවුන් චෝදනා කරයි.

පොලිස්පතිවරයා තම අපක්ෂපාතීත්වය පෙන්වීමට නම් වහාම විපක්ෂ නායකවරයා අත්අඩංගුවට ගන්නා ලෙස අභියෝග කරන බව පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිළ මහතා පැවසී ය.

Related posts

හරිම නිදහස පෙබරවාරි හතරද?

colombotoday

රනිල්ව ජනපති කරවන්න ෆොන්සේකා පෙරට

colombotoday

රවී තීරණයක් ගනී… විදේශ ඇමති ධුරය සරත් අමුණුගමට ?

colombotoday

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 7ක් නාවික හමුදා බාරයට

colombotoday

නැව් මගින් වන තෙල් කාන්දුවීම් නිරීක්ෂණයට චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගන්න කැබිනට් පත්‍රිකාවක්

Admin

බෝක්කුවකින් ඇලකට වැටී පුද්ගලයක් මරුට

Admin