Colombo Today Local News

බුත්තල නගරයේ සියලු වෙළෙඳසැල් වසා දැමේ

බුත්තල නගරයේ සියලුම වෙළෙඳසැල් මේ වනවිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව එම වෙළෙඳ සංගමය පවසයි.

පවතින කොවිඩ් – 19 අවදානම සලකා බුත්තල නගරයේ අද (26)දිනයේ සිට හෙට (27)දා උදෑසන දක්වා එලෙස වෙළෙඳසැළ් වසා තැබෙනු ඇත.

මේ හේතුවෙන් නගරයේ බස් ධාවනය ද අඩාල වී තිබේ.

බුත්තල නගරයේ කොවිඩ් ආසාදිතයින් වාර්තාවීමත් සමග වෙළෙඳ සංගමය සහ ප්‍රාදේශීය සභාව සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම පියවර ගෙන තිබේ.

නගරය තුළ ජනතාව ඒකරාශීවීම නවතා දැමීමට සහ කොවිඩ් පාලනයට සහාය දීම සඳහා එම තීරණය ගත් බව බුත්තල වෙළෙඳ සංගමයේ සභාපති ප්‍රසන්න ගුණවීර මහතා පැවසීය.

බුත්තල නගරය ආශ්‍රිතව මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 45 දෙනෙකු හඳුනාගෙන ඇති බව ප්‍රදේශය භාර සෞඛ්‍ය බලධාරීන් පවසයි.

තවත් පිරිසක් නිරෝධායනය වෙමින් ඇති අතර සිදුකරන ලද PCR 100ක පමණ ප්‍රතිඵල ලැබීමට නියමිතය.

Related posts

බස්නාහිර පළාතේ අපරාධ කල්ලි 25 ක් !

colombotoday

ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් – රනිල් වික්‍රමසිංහ

colombotoday

බොදු බලේට ඇගිල්ල දිගුකල හෙක්ටර් අප්පුහාමිට ඥානසාර හිමිගෙන් සැර පිළිතුරක්.

colombotoday

මහ මැතිවරණය ජූනි මස 20 වැනිදා

colombotoday

අගමැති වැය ශීර්ෂය අත්හිටුවීමට අද 129ක බහුතරයක් පෙන්වනවා – රවි කරුණානායක

colombotoday

විමල් සන්ධානයෙන් ඉවත් වෙයි

colombotoday