Colombo Today Local News

UPDATE මංගලාරාමය වටකර සහජීවනය පෙන්වූ අන්තවාදීන් විශේෂ කාර්ය බළකායෙන් පලවාහරී

UPDATE: මඩකලපු මංගලාරාමය වටකරමින් කලහකාරී ලෙස හැසිරුණු පිරිස පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මේ වනවිට එම ස්ථානයෙන් පලවාහැර ඇති බව වාර්තා වනවා.

මේ වන විට ඇතිවෙමින් පැවති කලහකාරී තත්ත්වය පාලනය කර තිබෙන බවයි සදහන් වන්නේ.

[fbvideo link=”https://www.facebook.com/zajilnews.lk/videos/1620510631308625/” width=”500″ height=”400″ onlyvideo=”1″]


Update : 8.50 pm

මේ වන විට මඩකලපුව මංගලාරාම විහාරස්ථානය අසල උණුසුම් තත්වයක් හටගෙන තිබෙන බව වාර්තා වෙනවා.

විශාල පිරිසක් මංගලරාමය වට කර රතිඤ්ඤා දල්වමින් සිටින අතර, පොලිස් කැරළි මර්ධන ඒකකය සහ විශේෂ කාර්ය බලකාය එම ස්ථානයට පැමිණ ඇති බවයි සදහන් වන්නේ.

ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් මෙම කලහකාරීන් පිරිස මෙහෙයවන බව වාර්තාවන වන අතර, අද සවසද මංගලාරාමය අසල කලහකාරී ලෙස හැසිරෙමින් සිටි පිරිසක් පොලීසිය විසින් විසුරුවාහැර තිබෙනවා.

ආගමික වැඩසටහනක් සදහා සහභාගී වීමට මඩකලපුව මංගලාරාමය බලා පිටත්ව ගිය පිරිස මේවන විට මඩකලපුව පූනානී පොලිස් බල ප්‍රදේශයේ නතරවී සිටින අතර පොලීසිය විසින් ඔවුන්ගේ ගමන අවහිර කර තිබෙනවා. එම පිරිස නැවත හරවා එවීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.

සුමනරතන හිමිගේ ප්‍රකාශය පහතින්

[fbvideo link=”https://www.facebook.com/dinesh.sampath.56/videos/1145465728835857/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

සජිත්ගේ පස්සේ යන්න තරම් යූඇන්පී කාරයෝ අහිකුණ්ඨිකයෝ නෙවෙයි – වජිර

colombotoday

පොලිස්පතිගෙන් පොලිස් ප්‍රධානීන්ට නිවේදනයක්

colombotoday

යුද්ධය පැවති සමයේ හමුදා බුද්ධි රහස්‌ හෙළි කිරීමේ සූදානමක්‌!

colombotoday

ගුරු ඇඳුම ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

Admin

පාස්කු ඉරිදා සියලු දේවස්ථාන ආවරණය වන පරිදි 12000ක බළඇණියක්

colombotoday

ප්‍රංශ යුද නැවක් කොළඹට සේන්දු වෙයි

Admin