Colombo Today Local News

අපරාධ නඩු විශේෂ විධිවිධාන ක්‍රියාත්මක වීම් දීර්ඝ කරයි

අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ විශේෂ විධිවිධාන පනතේ ක්‍රියාත්මකවීම් 2021 පෙබරවාරි මස දෙවැනි දින සිට අවුරුදු දෙකක් බලපැවැත්වෙන පරිදි දීර්ඝ කර තිබේ. පසුගිය 23දා අධිකරණ ඇමැති මොහොමඩ් අලි සබ්රි මහතා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් මේ දීර්ඝ කිරීම සිදු කර ඇත. මේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ 2013 අංක 2 දරන අපරාධ නඩු විශේෂ විධි විධාන පනතේ 07වැනි වගන්තියේ දෙවැනි උප වගන්තියට අනුව අධිකරණ ඇමැතිවරයා වෙත පැවරී තිබෙන බලතල ප්‍රකාරවය.

මෙය විමර්ශන පැවැත්වීම පහසු කිරීම සඳහා වරෙන්තුවක් නොමැතිව සිරභාරයට ගනු ලැබූ තැනැත්තන් රඳවා තබා ගැනීමේ කාල සීමාව දීර්ඝ කිරීම සඳහාත්, ඇතැම් නඩුවලදී ලඝු නොවන පරීක්ෂණ පැවැත්වීම බැහැර කිරීම සඳහාත්, පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ දිවුරුම් සාක්ෂි ලබා ගැනීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනතක් වේ.

Related posts

‘ජාතිවාදීන්’ හිරේ දමන දණ්ඩනීති සංශෝධන පනත ආණ්ඩුව මුළුමනින්ම හකුලාගනී !

colombotoday

පොලිසියට එරෙහිව පැමිණිලි 11,450 ක්..

Admin

එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කිරීම ජිනීවා මානව හිමිකම් සමුළුවේ කතා බහට

colombotoday

කතුන්ගේ නිරුවත් ඡායාරූප බෙදා හැරි සෞඛ්‍යය සේවකයෙකු අත්අඩංගුවට

Admin

ෆොන්සේකා ත්‍රීවීලරයෙන් එද්දී තවත් පිරිසක් ට්‍රැක්ටර්වල නැග පාර්ලිමේන්තු එයි

colombotoday

“ආගමික සහජීවනය ඇති කරන්න නම් හංගන්න ඕන අසාද් සාලි“ – අධිකරණ ඇමති

colombotoday