Colombo Today Local News

අපේ නායකයො කවදාවත් හොරකම් කර නෑ.. සාක්ෂි සහිතවම පෙන්නමු බලන්න – නි. ඇමති අජිත්

ajith p perera

යමෙකු වරදක් කරන්නේ නම් ඔහු ආණ්ඩු පක්ෂයේ වුවත්, විපක්ෂයේ වුවත් එක ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරි හමුවකට සහභාගි වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“දැන් කවුද මේ දූෂණ චෝදනා ඔප්පු කරන්න හදන මිනිස්සු. හෙට අනිද්දා පරීක්ෂණ වලින් චෝදනා ඔප්පු වෙලා නඩු විභාග වලින් වැරදිකාරයන් වෙලා හිරේ යන්න ඉන්න උදවිය. නාමල් රාජපක්ෂ මහත්තයා කිව්වානේ අපි වගේ ලොකු හොරකම් නෙමෙයි මේ අය කරලා තියෙන්නේ කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වානේ මම හොරුන්ව ආරක්ෂා කරපු නිසා තමයි මට මේක වුණේ කියලා.

ඒ අය කියන්න හදන්නේ අපිත් හොරකම් කළා තමයි හැබැයි මේ අයත් හොරකම් කරනවා කියලා. මම බොහෝම් වගකීමෙන් කියනවා අපේ පක්ෂේ එකම නායකයෙක්වත් එකම හොරකමක්වත් කරලා නැහැ කියලා. අද වෙනකම් ඉදිරිපත් කරලා තියෙන හැම චෝදනාවක්ම අසත්‍යයි. හැබැයි අපි අභියෝග කරනවා හරි පුළුවන් නම් සාක්ෂි දෙන්න. සාක්ෂි තියනවා නම් පිළිගන්න පුළුවන්. අනාගතයේඅපේ ආණ්ඩුවේ කවුරුන් හෝ වරදක් කළෙත් අපි එයාට දඬුවම් කරනවා,” යැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Related posts

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂ‍යේ හර්ෂට

Admin

රංජන්ගේ හඩපට සැසදෙන බව රස පරීක්ෂක අධිකරණයට දන්වයි

colombotoday

වකුගඩු ජාවාරමේ මහ මොළකරු අත්අඩංගුවට

colombotoday

බස් ගාස්තුව ජූලියේ සිට ඉහළට !!

colombotoday

දිවයින පුරා සුරාසැල් වැසේ

colombotoday

ජයන්ත ද සිල්වාට සහ ජෙනරල් දයා රත්නායකට ලේකම් ධූර දෙකක්

colombotoday