Colombo Today Local News

බුරවිගේ බලපෑමෙන් දිස්ත්‍රීක්ක 06 ක පවුල් 551කට අයත් පුද්ගලයන් 1904 ක් පීඩාවට.

බුරවි සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක පවුල් 551 කට අයත් පුද්ගලයින් 1,904 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ ලෙස හානියට පත්ව ඇති නිවාස සංඛ්‍යාව 15කි.

තවත් නිවාස 170 කට අර්ධ හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

යාපනය, මුලතිව්, මන්නාරම, කිලිනොච්චිය, වව්නියාව හා ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්කවලින් එලෙස ආපදාවන් වාර්තා වේ.

එම ප්‍රදේශවල සිදුව ඇති ආපදා තත්ත්වයන් පිළිබඳව තවදුරටත් සොයා බලමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

කුණාටුවේ අවදානමත් සමග යාපනය, ත්‍රීකුණාමලය, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 1,029 කට අයත් පුද්ගලයින් 4,007 ක් සුරක්ෂිත මධ්‍යස්ථානවලට යොමු කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.

Related posts

භාෂාව එන්.වී.කි්‍යු සහතික නැතත් කොරියාවේ රැකියා

colombotoday

ඇමති චම්පික ඉදිරිපත් කල හෙළ උරුමේ ගෝලයන්ට දරුණු පරාජයක්

colombotoday

හම්බන්තොට රාජ්‍ය සේවකයාගේ සහය සජිත්ට අහිමි වෙයි… 68%කින් ගෝඨාභය දිනයි !

colombotoday

“බ්‍රිතාන්‍ය “සයිටම්” තහනම් කළේ ලංකාවේ වෛද්‍ය සභාවේ වරදින්” – සෞඛ්‍ය ඇමති

colombotoday

දඩුවම දෙවසරක සිර දඩුවමක්… කොටි ඉල්ලූ විජයකලාට එරෙහිව පියවර ගන්න… නීතිපති පොලිස්පතිට දන්වයි…

colombotoday

ආණ්ඩුවේ බහුතරය නැති කරනවා. මොන රාජපක්ෂ කෙනෙක්වත් ආයේ මේ රටේ පාලන බලයට ගෙන්නෑ.

colombotoday