Colombo Today Local NewsUncategorized

ආරක්ෂක අමාත්‍යාංශ ලොක්කන්ට දියතලාව කඳවුරේදී නත්තල් පාටියක් – හමුදා නිලධාරීන් දැඩි කළකිරීමෙන්

defence21

ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසකට දියතලාව යුදහමුදා කඳවුරේදී නත්තල් සාදයක් පැවැත්වීමට ඇති සූදානමක් නිසා යුධ හමුදා නිළධාරීන් දැඩි කළකිරීමට පත්ව සිටින බවට තොරතුරු වාර්තා වනවා.

අදාල නත්තල් සාදය දෙසැම්බර් 25,26 සහ 27 යන දිනයන්හි පැවැත්වෙන අතර ඒ සදහා ගැමුණු හේවා රෙජිමෙන්තුවේ නිලධාරී භෝජනාගාරය සූදානම් කරන ලෙස යුදහමුදා මූලාස්ථානය දැනුම් දී තිබෙන බවයි පැවසෙන්නේ. ඊට අමතර පිදුරුතලාගල කඳු මුදුනේද සාදයක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා යුදහමුදා සංගීත කණ්ඩායම්ද සහභාගි කරවා ගැනීමට තීරණය කර ඇත.

මෙම නත්තල් සාදයට සහභාගීවීමට ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන්ට කොළඹ සිට දියතලාවට ගමන් කිරීම සදහා අධි සුඛෝපභෝගී බස්රථ 4ක් වෙන්කර ඇති බවද වාර්තා වනවා.

Related posts

TikTok සමග එක්වූ ඇමරිකානු ජනපති

Admin

බදුල්ල මහ නගර සභාවේ කටයුතු අත්හිටුවයි

colombotoday

හිටපු ජනපති නුදුරු දිනකදී ලංකාවට

colombotoday

Video: පන්සල් ඉදිකිරීම නවත්වන්න දෙමල සංධානයට අයිතියක් නෑ – එන්.අරුනකාන්ත්

colombotoday

අත්‍යවශ්‍ය සේවා නිලධාරීන්⁣⁣ට දැනුම් දීමක්

colombotoday

“අපිට මැතිවරණ කොමිසම වටලන්න ඉඩ තියන්න එපා”

Admin