Colombo Today Local News

සිංහරාජයේ අලි සහ ප්‍රදේශයේ ජනතාවගේ ජිවිත පිළිබඳ මට වගකියන්න බැහැ – සරත් ෆොන්සේකා

ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ සිටින වනඅලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම නතර කිරීමට තීරණය කර තිබේ.

විෂය භාර අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැවසුවේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙහෙයුම නතර කිරීමට තීරණය කළ බව ය.

පසුගිය 15 වැනිදා සිට මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූයේ සිංහරාජ වනාන්තරය ආශ්‍රිත කලවාන, රජවත්ත හා කොපිකැල්ල ප්‍රදේශයෙනි.

මෙහෙයුම අද අලුයම වන තුරුම ක්‍රියාත්මක විය.

විධිමත් ක්‍රමවේදයක් සකසා තීරණයක් ගන්නා තුරු සිංහරාජ රක්ෂිතයේ සැරිසරන අලි දෙදෙනා තව දුරට ත් එම රක්ෂිතයේම ජීවත් වීමට ඉඩ හරින ලෙස ජනාධිපතිවරයා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට පසුගියදා උපදෙස් ලබා දුන්නේය.

තිරසර සංවර්ධන හා වනජිවි අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා

උදේ 7.30ට ජනාධිපතිතුමාගෙන් මට දුරකතන ඇමතිතුමාක් ආවා. පොළොන්නරුවේ ඉඳලාමයි මට කතා කළේ එතුමා මගෙන් ඇහුවා අලි අල්ලන එක් දැන් මොකද වෙන්නේ. මං කිව්වා නීත්‍යානුකුලව වැඩේ සිද්ධ වෙනවා. මේ වෙනකොට අලි ඉන්න තැන හඳුනාගෙන අලි අල්ලන්න පුළුවන් තැනකට තල්ලු කරනවා. ඊට පස්සේ මං තවකාලිකව හොරොව්පතානට ගෙනියන්න තමා මාස දෙකකට තුනකට සැලසුම් කරලා තියෙන්නේ කියලා. එතකොට එතුමා මගෙන් ඇහුවා දැන් මේ මගෙන් හැමෝම දුරකතන ඇමතුම් දෙනවා අලි හොරව්පතානට ගෙන ගියොත් මේක ප්‍රශ්නයක් වෙනවා නේද කියලා. මං කිවා අපේ පශූ වෛද්‍යවරු මට එහෙම්ම කියලා නැහැ. අපි ගෙනිච්චට ඒ අයට විශේෂ ආරක්ෂාවක් සපයනවා. කැම බීම දෙනවා තාවකාලිකව අපි ඒහෙම කරන්නේ. ඒහෙම් නොකළොත් මේ අලි දෙන්නාගේ ජිවිත ගැන කවුරුවත් වගකියන්නේත් නැහැ. ඊට පස්සේ එතුමා කිවා නැහැ ඔබතුමා සිංහරාජයේ ආරක්ෂිත තැනක් හදා ගන්නකම් මේ අලි දෙන්නට ඒ ප්‍රදේශයේ ඉන්න දෙන්න හැබැයි. මට කියන්න තියෙන්නේ ඒ අලි සුදුසු තැනකට දානකම් මේ මාස 3 යනකම් ඒ අලි ගැනත් ඒ ප්‍රදේශයේ ජනතාවගේ ජිවිතවලට මට වගකියන්න බැහැ. ඒ වගකීම අලි ගෙනියනවට කෑ ගහපු සියලු දෙනාට ගන්න වෙනවා.

අලි දෙදෙනා රඳවා තැබීම සඳහා ආරක්ෂිත ස්ථානයක් හඳුනා ගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව දකුණ සහ ඌව පළාත භාර සහකාර වනජීවි අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

දකුණ සහ ඌව පළාත භාර සහකාර වනජීවි අධ්‍යක්ෂ ප්‍රශන්ත විමලදාස මහතා

අපේ කාර්යමණ්ඩල ස්ථානගත කරලා අලි දෙදෙනා ගම්වැචිලා වගා හානි දේපොළවලට හානි කරනවා නම් එක් පාලනය කරන්න. කණ්ඩායම් යොදවන්න උපදෙස් දුන්නා. ඉදිරි දින දෙක තුළ යම් විදියකින් සතුන් ආරක්ෂිතව තැබිය යුතු තැන් තිබෙනවාද? විදුලි වැඩක් ඉදිකිරිමේ හැකියාව තියෙනවාද? කියන කාරණය පිළිබඳව ක්ෂේත්‍ර පරික්ෂාවක් ඉදිරියේදි සිදු කරන බව එතුමා දැනුම් දුන්නා.

මේ අතර පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පිරිසක් අද පෙරවරුවේ කලවාන, පොතුපිටිය, රඹුක ප්‍රදේශයේදී මෙම මෙහෙයුම නතර කරන ලෙස ඉල්ලා විරෝධය පල කළේය .

වන අලි තර්ජනයෙන් පීඩා විඳින ගම්වාසීන් මෙහිදී පරිසරර සංවිධාවනවල පිරිසට විරෝධය පල කළ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය ද කැඳවා තිබුණි .

Related posts

රටම පාවාදුන් ජනීවා යෝජනාවලියෙන් ඉවත් වීමට රජය සූදානම් !

colombotoday

ගෝඨාට එරෙහි නඩුව මුක්තිය මත ඉවත දමන්න කැලිෆෝනියා අධිකරණයට ඉල්ලීමක්

colombotoday

නීති විරෝධීව රැස් කර විකුණන්න ගිය ඉන්ධන ලීටර් 1500ක් මාට්ටු

colombotoday

“කළු කබාය ගලවනවා” අතිරේක සොලිසිටර් ජනරාජල් යසන්ත කෝදාගොඩ නීතිඥයෙකුට තර්ජනය කරලා

colombotoday

Covid-19 මැදපෙරදිගටත්… වෛරසය වැලදුණු දෙදෙනෙක් ඉරානයේදී මියයයි !

colombotoday

සියළුම ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි !

colombotoday