Colombo Today Local News

දකුණේදී බුරා පනින පොලිස්පති උතුරේදී හා පැටියෙක්.. සිංහනාද කරන ඇමතිලා ඇදන් යට

2652pujitපිවිතුරු හෙල උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

දකුණේ දී බුරා පනින පොලිස්පති උතුරේ දී හා පැටියෙක්

අද දින දෙමළ පුවත්පත් බැළුවොත් ඒම පුවත් පත් වල මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයට බවට පත්වී තියෙන්නේ උතුරේ මහා වීර දිනය ඉහලින් සමරයි කියන එකයි.“කොටින්ට මිය ගිය ත්‍රස්තවාදින් සැමරීමට අපි ඉඩ දෙන්නේ නෑ“ කියලා පසුගිය දින වල ආණ්ඩුවේ ඇමතිවරු සිංහ නාද කලා. නමුත් කොටි කිසිම පැකිලීමකින් තොරව ප්‍රසිද්ධියේ මහ විරු දිනය සැමරීමට කටයුතු කළා. කොටි සංවිධානයේ නායකයාගේ දැවැන්ත පුවරු අරගෙන උතුරු සහ නැගෙනහිර පලාත් වල පෝස්ටර් අලවලා පුවරු ඔසවා ගෙන පෙලපාලි ගිහින් මිය ගිය අයගේ ඡායාරූප වලට මල් මාලා පලඳවා පහන් පත්තු කර මහ ඉහලින් මහ වීර සැමරුම කළා. හමුදා කදවුරු ඉදිරිපිට පවා ඔවුන් මහ විරු දිනය සැමරුවා. එතකොට අර සිංහ නාද කරපු ඇමතිවරුන් සිටියේ ඇඳන් යට ද කියලා අපි ප්‍රශ්න කරනවා. එහෙමත් නැති නම් අවාසියා දෘෂ්ඨියාබාධා හැදිලා මේවා දැක්කේ නැද්ද කියලා අපි අහනවා. රට බෙදීමට කටයුතු කල අහිංසක ජනතාව මරා දැමීමට කටයුතු කල ත්‍රස්ථවාදියා වීරයෙක් කිරීම හරහා මේ ක්‍රියාවලියට සම්බන්ධ කරගත් පාසැල් සිසුන්ටත් පණිවිඩයක් දුන්නා ඔබ වීරයෙක් වන්නට නම් ත්‍රස්තවාදියෙක් විය යුතුය කියලා. ලමා සිත්තුලට එම විෂබීජය දැමීම තමයි ඊයේ උතුරේත් නැගනෙහිර සමහර තැන් වලත් සිදු උනේ.

පවුලේ අය මිය ගිය අය සිහිපත් කරලා ආගමික වතාවත් කිරීමට අපේ විරුද්ධත්වයක් නෑ. නමුත් මිය ගිය ත්‍රස්තවාදින් දේශපාලනිකව සමරලා දෙමළ බෙදුම්වාදය දිරිමත් කිරීමටයි අපි විරුද්ධ. ත්‍රස්තවාදිය දිරිමත් කිරීම වගේම බෙදුම්වාදය දිරිමත් කිරීමත් අපේ රටේ නීතිය යටතේ වරදක්. ඒ නිසා මේ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන මෙන් දකුණේ දී බුරා පනින උතුරේ දී හා පැටියෙකු වන පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ආණ්ඩුවට රථ ගාය සහ රට ගාය

පසුගිය අයවැය ආදායම් යෝජනා අති මහත් බහුතරයක් මුදල් ඇමතිතුමාටඉවත් කර ගන්න සිදු වුණු බව රටම දන්නවා. මුදල් ඇමතිතුමාට වැරදුනේ ආදායම් ඇස්තමේන්තු විතරක් නොවේ. වියදම් ඇස්තමේන්තුත් වැරදුනා. මේ වන විට වෙන් කළ මුදල් මදියි කියා තුන් වතාවක් පරිපූරක ඇස්තමේන්තු හරහා වැඩිපුර මුදල් වෙන් කර ගත්තා. පසුගිය සෙනසුරාදා නවතම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබෙනවා
.
වැටුප්, ඉන්ධන, ලිපිද්‍රව්‍ය සහ අතිකාල දීමනා වගේ අත්‍යාවශ්‍ය වියදම් සඳහා පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම තේරුම් ගන්න පුළුවන්. නමුත් විදේශ සංචාර, ගෘහ භාණ්ඩ සහ වාහන මිළ දී ගන්නත් පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරලා. තව එක මාසයක් පරණ වාහනේ පරණ මේසය පාවිච්චි කරන්න බැරි ඇයි කියන එක මේ ඇමතිවරු රටට කියන්න ඕනෑ. ඒ වගේම විදේශ සංචාර සඳහා වෙන් කළ මුදල් අවසන් නම් පිටරට ගමන නතර කරලා තානාපති කාර්යාලය හරහා ඒ කාර්රය ඉටු කර ගන්න පුළුවන්. මේ පරිපූරක ඇස්තමේන්තුව හරහා රටට ලැබෙන පණිවිඩය තමයි මේ ආණ්ඩුවට සුව කළ නොහැකි රථ ගායක් සහ රට ගායක් තිබෙන බවයි.

මේ වසරේ තව මාසයයි ඉතිරි වෙලා තිබෙන්නේ. මිළ දී ගැනීමේ ක්‍රියාවලියට මාසයකට වඩා යනවා. එසේ නම් තව මාසයක් ඉවසා ගෙන ඉන්නේ නැතුව මේ ඇස්තමේන්තුව ඉදිරිපත් කරන්නේ ඇයි? පාර්ලිමේන්තු අවසරයකින් තොරව මේ වාහන ලී බඩු අරගෙන විදේශ සංචාරවල ගිහින් ඇවිත් ඒවාට මුදල් ගෙවන්න දැන් පාර්ලිමේන්තුවට ඇවිත් කියන සාධාරණ සැකය අපට මතු වෙනවා.

තිස්ස අත්තනායක දේශපාලන සිරකරුවෙක්

තිස්ස අත්තනායක හිටපු ඇමතිතුමා තමයි මේ ආණ්ඩුවේ පළමු වන දේශපාලන සිරකරුවා. මුලින්ම රක්ෂිත බන්ධනාගාර ගත කලේ එතුමාව. සිරිසේන – රනිල් ගිවිසුම නමින් කූට ලේඛණයක් ඉදිරිපත් කිරීම තමයි එතුමාට එරෙහිව නගපු චෝදනාව. නමුත් එතුමා ඒක කූට ලේඛණයක් බව ප්‍රතික්ෂේප කළා. ඒ වගේම ඒ ගිවිසුමේ තිබුණු රණවිරුවන්ට දඬුවම් ලබා දීම, කොටින් නිදහස් කිරීම, හමුදා කඳවුරු උතුරෙන් ඉවත් කිරීම වැනි කාරණා අද ඇත්තක් වෙලා තිබෙනවා.

තිස්ස අත්තානයක මැතිතුමා කූට ලේඛණයක් ඉදිරිපත් කළ බව ප්‍රතික්ෂේප කළත් තවත් දේශපාලකයෙකු තමන් කූට ලේඛණයක් ඉදිරිපත් කළ බව පිලිගෙන ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාගෙන් සමාවත් ගත්තා. ඒ තමයි පා ච රණවක ඇමතිතුමා. හිටපු ජනපති මහින්ද ලෙස්ටර් පීරිස් මහතා වැලඳගෙන ඉන්න ඡායාරූපයක ලෙස්ටර් මහතාගේ මුහුණ ඉවත් කර ඒ වෙනුවට ත්‍රස්තවාදි නායක කේපීගේ මුහුණ එකතු කර කූට ලේඛණයක් ඉදිරිපත් කළ සිදුවීම මේ රටට මතකයි. තිස්ස අත්තනායක මහතාට ක්‍රියාත්මක කළ නීතිය රණවක ඇමතිතුමාට කෝ? පොලිස්පතිතුමා රණවක ඇමතිතුමා දැක්කාම නීතිය ඇතුලට නමනවා ද කියන ප්‍රශ්නය මතු වෙනවා. වඩාත් ලැජ්ජා සහගත දේ තමයි. පසුගිය සතියේ රණවක ඇමතිතුමා වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙනු කියලා පුවරු අරගෙන පෙලපාලියකත් ගියා. මේ රටේ ජනතාව මැරිලා ඉපදුනා කියලා එතුමා සිතා ගෙන ඉන්නවා ද දන්නේ නෑ.

තිස්ස අත්තනායක මැතිතුමා මහෙස්ත්‍රාත් උසාවියේ දී නොතිබුණු චෝදනාවක් මහ අධිකරණයේ දී නගලා. අර නීතිය කොත්තු දමන නීතිපතිතුමන් වහාම ඉදිරියට ඇවිත් 2007 සම්මත කරන ලද සිවිල් සහ දේශපාලන අයිතින් පිලිබඳ අන්තර්ජාතික සම්මුති පනත කුළුදුලේ පාවිච්චි කරමින් ආගමික වාර්ගික ගැටුම් ඇති කරන්න උත්සාහ කළා කියන චෝදනා නගනවා. නමුත් තිස්ස අත්තනායක මහතාගේ කතාවේ කිසිදු තැනක සිංහල දෙමළ මුස්ලිම් වාර්ගික ගැටුමක් හෝ බෞද්ධ ක්‍රිස්තියානි මුස්ලිම් හින්දු ආගමික ගැටුමකට තුඩු දෙන කිසිදු වචනයක් නෑ. එතුමා කතා කලේ බෙදුම්වාදීන් සහ ජනපති අපේක්ෂකයා සහ අගමැති අපේක්ෂකයා අතර තිබෙනවාය කියන ගිවිසුම ගැන.

බෙදුම්වාදයට ත්‍රස්තවාදයට එරෙහිවීම කොහොමද වාර්ගික ආගමික ගැටුමක් ඇතිකිරීමට තුඩු දෙන්නේ. මේක එතුමන්ව ඇප නොදී රක්ෂිත බන්දනාගාර ගත කර තබාගැනීම සදහා ආණ්ඩුව සහ නීතිපතිවරයා විසින් කරන ලද ඉතාම ලැජ්ජා සහ ගත කූට කුමන්ත්‍රණයක් ලෙස සදහන් කල යුතුයි. නීතිපතිවරයා මෙවැනි දේශපාලණික පෙළබවීම් මත අභිචෝදනා ගොනුකිරීම ගැන එතුමන් තමන් දරන තනතුර ගැන ලැඡ්ජා වෙන්න ඔන. අපි නීතීඥයන් ලෙස අපි ඉතිමත් ගෞරවයෙන් සලකන නීතිපතිතණතුර මේසේ දේශපාලණීකරනය වීම ගැන අතිශ්‍යයින්ම ලැජ්ජාවට පත්වෙනා.

– අරවින්ද අතුකෝරල

Related posts

පාරිභෝගික අධිකාරියෙන් දිවයින පුරා කෝටි 22ක වැටලීම්

Admin

බෙදුම්වාදයට එරෙහිව රටවල් 10ක විදෙස්‌ගත ශ්‍රී ලාංකික දේශප්‍රේමීහු එක්ව නැගී සිටිති

colombotoday

සුද්දට එදා තේරුණ දේ මේ හාදයින්ට තේරෙන්නෑ – ජනපති එජාපයට දෙහි කපයි (Video)

colombotoday

පිරිත් පොත වෙනස් කල, ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලාට “පවුකාරයෝ” කියන, සේරුවිලට අතගහන CIA සංවිධානය – දොඩම්පහළ රාහුල හිමිගෙන් අසපුවට දැඩි ප්‍රහාරයක්.

colombotoday

අනුරාධපුර – වව්නියාව දුම්රිය ධාවනය මාස 5කට නවතී

Admin

යුද හමුදා ඇඳුම් සහ පුපුරණ ද්‍රව්‍ය සමඟ පින්තාරු බාස් අත්අඩංගුවට

Admin