Colombo Today Local News

පිරිත් පොත වෙනස් කල, ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලාට “පවුකාරයෝ” කියන, සේරුවිලට අතගහන CIA සංවිධානය – දොඩම්පහළ රාහුල හිමිගෙන් අසපුවට දැඩි ප්‍රහාරයක්.

අපේ ශ්‍රී ලංකාද්වීපය තුල, ග්‍රාම වාසී පින්වත් මහා සංඝරත්නය පන්සල් මූලික කොට ගෙන ගිහි ජනතාවගේ යම් කාර්යභාරයක් වේ නම් එය සිද්ධ කරමින් කටයුතු කල පිරිස් සහ ආරණ්‍යගත ව තමන්ගේ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන ප්‍රතිපත්ති පර්යාප්ති අධ්‍යයනය කරගෙන ප්‍රතිවේධය කරා යන භික්ෂුන් ලෙස ප්‍රධාන සම්ප්‍රදායන් දෙකක් පැවතුන නමුත් මේ අංශ දෙකටම නැති එහෙත් ආරණ්‍යවාසී බව හඟවන කණ්ඩායමක් දැනට අවුරුදු 20 ක වගේ කාල පරාසයක් තුළ අසපු සංචිත නාමයෙන් රට තුළ සක්‍රීය වෙලා තිබෙන බවත් පූජ්‍ය රාජකීය පණ්ඩිත දොඩම්පහල රාහුල හිමියෝ අද (1) පැවතී මාධ්‍ය හමුවකදී සදහන් කර සිටියා.

එහිදී එම අසපු ක්‍රියාකාරකම් දැඩි විවේචනයකට ලක්වූ අතර උන්වහන්සේ දැක්වූ අදහස් සැකවින් මෙසේයි…

පිරිත් පොත පවා වෙනස් කල අසපු උප සංස්කෘතිය.

මෙය ඉතාම තදබල ලෙස පින්වත් මහා සංඝරත්නය මේ රට තුළ මේ දේශය සුරක්ෂිත කර ගන්න ඒ වගේම බුදු සසුන බුදු දහම බුදු පියාණන් වහන්සේගේ පණිවුඩය ආරක්ෂා කරගන්න ඒ වෙනුවට ඇපකැප වෙන පින්වත් දායකයන් ආරක්ෂාකරගෙන ගොඩනඟපු සංස්කෘතික දායාද රැක ගෙන යන ගමනේ දී එයට සම්පූර්ණම පටහැනිව යන කණ්ඩායමක් බිහි වුණා. මේක ලෝකයේ උපසංස්කෘති හැටියට ගොඩනැගෙමින් එන කණ්ඩායම් වලට සාපේක්ෂව ශ්‍රී ලංකාද්වීපය තුල ගොඩනැගිච්ච මේ පිරිස් සම්ප්‍රදාය, සම්ප්‍රදානුකූල ඉතාමත්ම වටිනා ගතික ලක්ෂණයන්ට ඒ පිරිසගේ තිබිච්ච පෞරාණික පිළිගැනීම් වලට පහර දීලා.. ශ්‍රී ලංකාදීපය තුළ අවුරුදු උත්සවය ඕනි නැහැ.. අවුරුදු නැකත් චාරිත්‍ර ඕනෙ නැහැ.. ඒ වගේම අවම වශයෙන් පාංශකූලය උවමනා නෑ.. ඒ සිරිත් බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම් නොවෙයි… පිරිත් පොත පවා වෙනස් කරමින්… තුන් සුත්‍රය පවා වෙනස් කරමින්… තමන්ට ඕනෑ ආකාරයට ධර්ම කාරණා ගොඩනංවමින්… ත්‍රිපිටකය පවා වෙනස් කිරීමට සමහර වෙලාවට සක්‍රිය වෙමින්… මේ රට තුළ අවුරුදු 2500ක් ම මහින්දාගමනය තුළින් අපිට ස්ථාපිත වෙච්ච ඒ සම්ප්‍රදායන්… විශේෂයෙන්ම ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායන්… බරපතළ විදිහට කටයුතු කරන කණ්ඩායමක් සක්‍රිය වී තිබෙනවා.

ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලාට “පවුකාරයෝ” කියන අසපුව

ඒ කණ්ඩායම් අතර, ඇතැම්විට විශ්වවිද්‍යාලයට පවා තේරෙන විශ්වවිද්‍යාල එපා කියා දමා එන ඒ තරුණ තරුණියන් ගේ ජීවිතවලට පවා වගකීමක් නොමැති උපදේශන සැපයෙන අතර, ඒ කණ්ඩායම අපේ දේශය තුළ… අපේ වීර අනු නායකත්වය උසලපු අපේ වාරියපොල සුමංගල නායක හාමුදුරුවෝ, අපේ කුඩාපොල රාහුල හාමුදුරුවෝ, මේ වගේ උතුමන් වහන්සේලා… මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් වැනි ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා… මේ සසුන රැක ගන්න කරපු කැපවීම්… ඒවා සියල්ල අතරේ අපි උන්වහන්සේලාගේ ශීලය නිරීක්ෂණය කළේ නැහැ… නමුත් වර්තමානය තුළ මේ පින්වත් ග්‍රාමවාසී ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ට ඇඟිල්ල දික් කරමින් “පව්කාරයෝ” යි කියමින්… විවිධ චෝදනා කරමින්… ගිහි ජනතාව තුළ භේද භින්න ඇති කරමින් යන පිරිසක් බිහි කරමින් අද ගම සීසීකඩ බකර තිබෙනවා…

සේරුවිලට අතගහන තැන

සංඝ සංස්ථාව තුළ විවිධ පලිබෝධකයෝ රිංගවලා තියෙනවා…මෙන්න මේ කාරණාව තුල ලැබෙන ප්‍රතිඵල තමයි සේරුවිල රජමහා විහාරයට ලැබිලා තියෙන්නේ. අපේ ශාන්තිනායක අමා මහා තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේලලාට ධාතූන් වහන්සේ තැන්පත් කොට ඉදිකරන ලද මේ උතුම් මංගල මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ අයිති විහාරය… මේ භූමිය මේ පින්වත් දේශයේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම ඓතිහාසික ස්ථානයක්… අද අවශ්‍ය කරලා තියෙනවා නූතනය තුළ ගොඩ නැගෙන මේ වගේ සංඝ නාමයෙන් පෙනී සිටි රාජ්‍ය අනුග්‍රහය පවා ලබා ගනිමින් සක්‍රීයව ක්‍රියාත්මක වෙමින් බුදුපියාණන් වහන්සේ සඳහා මන්දිර ඉදි කරල ඒක මහා ගෞතම ශාක්‍ය මුනින්ද්‍ර බුද්ධ මන්දිරය කියලා නම් කරගෙන… ධර්මරත්නය වෙනුවෙන් මහා ධර්ම රාජ මන්දිරය ඉදි කරගෙන… අවසානයේදී සංඝරාජ මන්දිරයක් ඉදි කරලා සංඝරාජ හැටියට ඒක ඇතුලට රිංගලා… සමස්ත ජාතිය වැවයි දාගැබයි ගමයි පන්සලයි රන්වන් ගොයමේ සිවුරයි කියන සංකල්පය බිඳ දමලා… ජාත්‍යන්තරයට ඕන මේ රට තුළට බූවල්ලන්ට රිංගන්න තෝතැන්න හදන්න.. ජාතිකත්වයක් නැති මිනිස්සු සංස්කෘතියක් නැති මිනිස්සු පිරිසක් ගොඩනඟන්න… අන්න ඒ ක්‍රියාදාමය එක තැනක් තමයි මේ සේරුවිල රජමහා විහාරස්ථානයට අත ගහන තැන.

අපේ රටට අනතුරු කරන්න බලාගෙන ඉන්න විවිධ කණ්ඩායම් වල මුදල්

අපේ පෞරාණික සිද්ධස්ථාන හොය හොයා ඒ තැන් වලට ගෝලබාලයෝ ඇතැම්විට වසන් යොමු කරමින්… ඒ ස්ථානවල ස්වාමින්ද්‍රයන් වහන්සේලාට සමහර වෙලාවට බලහත්කාරකම් කරමින්… ඒ තැන් ලියා කියා ගනිමින් ක්‍රියා කරන වැඩපිළිවෙළක් වර්ථමානයේදී ඇතිවෙලා තිබෙනවා… ඒ නිසා මේක ජාතික වශයෙනුත් ආගමික වශයෙනුත් මහා බරපතළ කාරණයක්… ඒ විතරක් නෙවෙයි මෙවැනි කටයුතු කරන ඇත්තන් මේ මහපොළොව භූමිය තුළ ඇතැම් විට අදත් මිහින්තලය අපිට මිහිඳු හාමුදුරුවෝ වැඩම කරලා පටන් ගත්ත තැන තවම වැඩ ටික ඉවර කරගන්න බැරි වෙලා තියෙනවා. නමුත් අපිට පේනවා ලංකාව තුළ ඉදිවෙන මේ සංස්කෘතියට එහා ගිය… සමහරවිට චිත්‍රය අපෙ නෙවෙයි… ඒ පිළිරු ස්වරූපය නෙවෙයි… ඒ ආයතනයට ඇතුළු උනහම ඇතිවෙන හැඟීම සහ ශ්‍රද්ධාව ට වඩා වෙනස් හැඟීමක් නිර්මාණය කරන තැන් නිර්මාණය කරන්න කෝටි ප්‍රකෝටි ගණන් ධනස්කන්ධ ලැබෙනවා… මේ මුදල් කොහෙන්ද මේවා රජයක් සොයා බැලිය යුතුයි… සමහරක් වෙලාවට විවිධ අපේ රටට අනතුරු කරන්න බලාගෙන ඉන්න විවිධ කණ්ඩායම් වල මුදල් මේ ආයතන හරහා money laundry වෙලා පිරිසිදු වෙලා ශාසනය විනාශ කිරීමේ වැඩපිළිවෙළක් තිබෙනවා… ඒ නිසයි පින්වත් මහා සංඝරත්නය හැටියට එදා සිට අද දක්වා ඉදිරියට සක්‍රියව කටයුතු කරන්නේ කිසිම ආකාරයක නිකාය බේදයකින් තොරව… මේ ශාසනය සම්ප්‍රදායන් ආරක්ෂා කරගෙන.. ඇප කැප වෙලා කටයුතු කරන ආරණ්‍යවාසී සහ අපේ ග්‍රාමවාසී භික්ෂූන් වහන්සේලා ඉදිරිය අනාගතය සුරක්ෂිත කරන්නට…

සීඅයිඒ සංවිධානය අතගහලා.. ඇයි මේ දායක සභා වලට විවිධ ආගමිකයෝ ?

මේ දේශය තුළ තිබෙන වටින පුණ්‍යභූමි සුරක්ෂිත කරගෙන, ඒවා සීඅයිඒ සංවිධානය ට වෙනත් බෝරෝ කාරයින්ට අතගහලා.. ඇයි මේ දායක සභා වලට විවිධ ආගමිකයෝ ඒ නිසා ඒවා තුළින් අපිට පේනවා මේ දේශය වන බලාගෙන ඉන්නට රිංගන්න පුළුවන් නිර්මාණය වෙලා තිබෙනවා ඒ නිසා අපි ශ්‍රී ලාංකික ජාතියක් හැටියට මෙය මේ රටේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ආකාරයට මාගේ ඇවෑමෙන් සම්බුදු සසුන රැකෙන තැන ඒ වාගේම පන්දහසක් කල් ශාසනය ආරක්ෂා වෙන තැන… මිනිස්සු රැකගැනීම පින්වත අපිට උරුම දෙයක්… ඒ නිසා වෙනත් ආගමික ආකල්ප ඇති නීතිඥවරු එහෙමත් නැත්නම් වෙනත් කණ්ඩායම් සංවිධාන ගතව කටයුතු කරල ..තියෙනවා. බුද්ධ නීතියයි බුදුසසුන කියන්නේ…

සෝවාන් ඵලය ලබා දුන්නා කිවුවහම සාසනයට අතගහන්න එපා

රජයේ සිටින මැති ඇමතිවරු හොඳින් දැනගත යුතුයි සංඝභේදය කරන්ඩ එපා… තමන්ට සෝවාන් ඵලය ලබා දුන්නා යැයි කිව්වම තමන්ට අනාගාමි ඵලය දුන්නයි කිව්වහම… ඒවට වහල් නොවී සම්පූර්ණයෙන් මේ සංඝ සමාජයේ සුරක්ෂිතතාව ආරක්ෂා කිරීමටත් දේශපාලන ශක්තිය ඇති අපි අවවාද කරනවා කරුණාකරලා ආර්ය මහා සංඝ රත්නයට, අපේ නායක ස්වාමීන් වහන්සේලාගේ තීන්දු තීරණ අනුව අපේ පොඩි ස්වාමීන්වහන්සේලාට කටයුතු කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා

Related posts

අගමැති පත්කල 20වන සංශෝධන පිළිබඳ කමිටුවේ වාර්තාව අද කැබිනට්ටුවට ඉදිරිපත්කර නෑ

colombotoday

යෝෂිත රාජපක්‍ෂ අගමැති කාර්ය මණ්ඩල ප‍්‍රධානී

colombotoday

ආහාර විස වීමකින් 325ක් රෝහලේ

colombotoday

මහ බැංකුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛණ ක්‍රියාත්මක නොකිරීමෙන් ලීසිං පාරිභෝගිකයා අමාරුවේ.

colombotoday

ඉන්ධන පෝලිමේ සිටි කතුන් තුනක් අතුරුදන්. තවත් කතක් සැමියා ගෙදර යවා පෝලිමේ සිටි තරුණයෙකු සමග අනග රැඟුමේ

colombotoday

බැඳුම්කර මගඩිය වහගන්න අර්ජුන් මහේන්ද්‍රන් තවත් යටිකූට්ටු මගඩියක

colombotoday