Colombo Today Local News

යොවුන් පුරේදී උඩ අරින්න යද්දී ගූගල් බැලුමේ හුලං යයි

දුෂ්කර ප්‍රදේශ සදහා අන්තර්ජාල පහසුකම් ලබා දීමට ගූගල් සමාගම ආරම්භ කර ඇති ලූන් නියමු ව්‍යාපෘතියේ ශ්‍රී ලංකාවේදී සිදු කෙරෙන දෙවන අත්හදා බැලීම අද සීගිරිය ගුවන් හමුදා කදවුරේදී පැවැත්වෙන් “යොවුන් පුරය” වැඩසටහනේදී සිදු විය.

එහිදී වැඩසටහන සදහා සහභාගී වන තරුණයන්ට ගූගල් බැලුමේ ක්‍රියාකාරීත්වය ප්‍රදර්ශනය කිරීමටද කටයුතු කරන ලද අතර බැලුම ගුවන් ගත කිරීමට සූදානම් කරද්දී යකඩ බටයක ගැටී බැලුමට හානි වී ඇති අතර එය පිලිසකර කර නැවත ගුවන්ගත කිරීමට ගත් උත්සාහය අසාර්ථක වී අැත.

පොළොවේ වායු ගෝලයට ඉහළ කිලෝමීටර් 10-50 අතර අපරිවර්තී කලාපයේ රදවන බැලූනයක් මගින් දුෂ්කර ප්‍රදේශවලට අන්තර්ජාල පහසුකම් ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. එම නියමු ව්‍යාපෘතිය සදහා එක්වූ ප්‍රථම රට ලෙස ශ්‍රී ලංකාව මෙම වැඩහටහනට සම්බන්ධ වී සිටී.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාද එම අවස්ථාවට සහභාගී වීමට පැමිණ සිටියහ.

Related posts

අජි‍නොමොටෝ (MSG)රසකාරක මාරයා වෙළදපොලෙන් ඉවතට

colombotoday

කොච්චිකඩේ මරාගෙන මැරුණු ත්‍රස්තයාගේ බිරිද පළමු දරුවා බිහිකරයි…

colombotoday

විජයකලා පිටුපස කලු කොටියෙක්.. මාධ්‍යට ගොරවයි !

colombotoday

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට පනවා තිබූ සීමා ඉවතට

colombotoday

කොවිඩ් මරණ 2009 දක්වා ඉහළට… ගතවූ පැය 24ට 132ක් මියගිහින් !

colombotoday

නීති විරෝධීව ගෙන්වූ ගිතෙල් කිලෝ 1500 ක් ගිතෙල් රේගු භාරයට

colombotoday