Colombo Today Local News

ඊශ්‍රායලයට ඇතුළුවීමට ගිය ශ්‍රී ලාංකිකයින් 7ක් ජෝර්දාන හමුදා අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් හත්දෙනෙකු ජෝර්දානයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ශ්‍රී ලාංකිකයින් හත්දෙනා දේශසීමා හරහා ගමන් කරමින් සිටියදී ඊයේ (16) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බව ජෝර්දාන හමුදා වෙබ් අඩවිය සඳහන් කරයි.

ඒ අනුව,ජෝර්දාන හමුදාව විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් හත්දෙනා බලධාරීන් වෙත භාරදුන් බව එම වෙබ් අඩවියේ සඳහන් කර තිබේ.

ජෝර්දාන – ඊශ්‍රායල් දේශ සීමාවේ දී පසුගිය වසරවල අප්‍රිකා, ආසියා සහ තුර්කි යන රටවලින් ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීමට පැමිණෙන පිරිස් අනවසරයෙන් ඇතුළු වූ අවස්ථා කිහිපයක් වාර්තා වී තිබුණි.

පසුගිය වසරේ එලෙස ඊශ්‍රායලයට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයින් 52දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වසරේ පළමු කාර්තුව තුළ පුද්ගලයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Related posts

රනිල් වාඩ්ඩෙක් නෙමේ.. රාජපක්ෂ හොරු රැල රකින්න පොරොන්දු උනානම් මම ජනාධිපති

colombotoday

යහපාලනයෙනුත් අඩු නැතිව ඥාති සංග්‍රහ, පැෆ්රල් සංවිධානයෙන් චෝදනා

colombotoday

මෙවර මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීම හෙට සිට

colombotoday

ලංගම බස් සීමාවන් යටතේ මගී ප්‍රවාහනය අරඹයි

colombotoday

දුම්රිය වර්ජනය අවසන්

colombotoday

පාර්ලිමේන්තුවේදී අද පක්ෂ නායක රැස්වීමක්

colombotoday