Colombo Today Local News

බෝගස්වැව හිමිවරුන්ගේ අත පය බැද, මුඛවාඩම් දමා ජනපති වව්නියා යයි !

Thanamalwila piyananda himiවව්නියාව බෝගස්වැව විහාරවාසී පූජ්‍ය තණමල්විල පියනන්ද හිමියන්ට අප්‍රේල් මස 4 වනදා දා දක්වා බලපැවැත්වෙන පරිද දින තුනක් උද්‍‍ඝෝෂණ, විරෝධතා සදහා සහභාගී වීම වලක්වමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

වව්නියාව මහේස්ත්‍රාත්වරයා විසින් එලෙස නියෝග කළේ වව්නියාව නගරයේදී නීතිවිරෝධී උද්ඝෝෂණයක් සංවිධානය කළේයැයි පූජ්‍ය තණමල්විල පියනන්ද හිමියන්ට එරෙහිව වව්නියාව පොලිස් කොට්ඨාශය කළ පැමිණිල්ල වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද 01 විභාගයට ගත් අවස්ථාවේදීයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප්‍රේල් 03දා උතුරේ සංචාරයක නිරත වන අතර ‍වව්නියාවටද පැමිණීමට නියමිතය.

තණමල්විල පියනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් ඉකුත් වව්නියාව බෝගස්වැව සිංහල ගම්මාන 18ක දැඩි ලෙස පීඩාවට පත්ව ඇති පවුල් 3500ක ජනතාව ඉකුත් මාර්තු 25වනදා වව්නියාව නගරයේදී විරෝධතාවක නිරතවූයේ බෝගස්වැව ප්‍රදේශයට යන මාර්ගය පිලිසකර කර දෙන ලෙසත්, එහි සිංහල ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරදෙන ලෙසත් ජනාධිපතිවරයාට සහ රජයට බලකරමිනි.

Related posts

ත‍්‍රස්ත විමර්ශන ඒකකයට දුන් මැෂින් තුවක්කු ආපසු ගනී

colombotoday

පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්න – ජනපතිගෙන් උපදෙස්

colombotoday

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල අද සිට විවෘතයි

colombotoday

දිස්ත්‍රික්ක හතරක අඩු ආදායම්ලාභී ගොවි පවුල් වලට නොමිලයේ යුරියා

Admin

කාසියේ වාසිය බංග්ලාදේශයට

Admin

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin