Colombo Today Local News

දිස්ත්‍රික්ක හතරක අඩු ආදායම්ලාභී ගොවි පවුල් වලට නොමිලයේ යුරියා

දිස්ත්‍රික්ක හතරක අඩු ආදායම්ලාභී ගොවි පවුල් 15,619කට නොමිලයේ ලබා දිමට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 780ක් එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානය කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දී තිබේ.

යාපනය, මුලතිව්, කිළිනොච්චි හා බදුල්ල යන දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී ගොවි පවුල් වලට මෙම පොහොර නොමිලේ බෙදා දීමට නියමිතය.

මෙම වැඩ පිළිවෙළ යටතේ ඉදිරියේදී තවත් දිස්ත්‍රික්ක හතරක අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා යුරියා පොහොර ලබා දෙන බවද එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 9,300ක් ලබා දීමට නියමිතයැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව එක් ගොවි පවුලකට යුරියා කිලෝ ග්‍රෑම් 50ක් බැගින් නොමිලේ ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරයි.

Related posts

පක්ෂ නායක රැස්වීමේදී මනෝ ගනේෂන් ජනපතිගේ මුහුණටම කී‌ දේ

colombotoday

දිය නැමට ගිය විශ්‍රාමික ග්‍රාම නිලධාරියා මිය යයි

Admin

කබීර් හෂීම් එජාප මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ලිපිය අගමැතිට බාරදෙයි

colombotoday

කළුබෝවිල රෝහලේ රෝගියෙක් සිවුවැනි මහලින් බිමට වැටී ජීවිතක්ෂයට

Admin

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන අභාවප්‍රාප්ත වෙයි

Admin

පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් සංකේත වර්ජනයක

Admin