Colombo Today Local News

උපදින දරුවන් ප්‍රමාණයටම නූපන් දරුවන් මරා දමන රටක් මේ… දිනකට ගබ්සා 700 – 800ක් !

gbsa2632ශ්‍රී ලංකාවේ දිනකට දරු උපත් 1100 -1200 අතර ගණනක් සිදුවන බවත් දිනකට ඇස්තමේන්තු ගත ගබ්සා ප්‍රමාණය 700 – 800ත් අතර පවතින බවත් දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බෝනොවන රෝග ඒකකයේ වෛද්‍ය නිලධාරී නලින් විජේසේකර මහතා ප්‍රකාශ කරයි.

පසුගියදා ගාල්ල හෝල් දි ගෝල් ශාලාවේ ‘පති පතිනි ප්‍රහර්ෂා’ ග්‍රන්ථය දොරට වැඩීම නිමිත්තෙන් පැවති උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “උපදිනවාට ආසන්න දරුවෝ ප්‍රමාණයක් දවසකට විනාශ කරන රටක් මේක. දරුවන් දිනකට එක්දහස් එකසියයක්, එක්දහස්දෙසීයක් උපත ලබනවා. ඇස්තමේන්තුගත විනාශ කරන ප්‍රමාණය හත්සියයක් අටසියයක්. එහෙම රටක් මේක. කවුරු කෙසේ කිවත් ගබ්සාව මිනී මැරුමක්. ඒ විතරක් නෙවෙයි එය අවිනීත ක්‍රියාවක්. ඒ දරුවා මෙලොව දකින්න ආසයි.”යනුවෙන් කියාසිටියේය.

Related posts

සජිත් පාක්ෂිකයන් නොමග යවලා.. “තවම නියෝජ්‍ය නායකකමින් ඉවත් වුණේ නෑ” – අකිල කියයි

colombotoday

බූස්සේ සිරකරුවෙක් පලායයි

colombotoday

බදුල්ලේදී මගී ප්‍රවාහන බස් රථය ප්‍රපාතයකට පෙරළෙයි

Admin

අදත් පැය 6කට වැඩි විදුලි කප්පාදුවක්

colombotoday

රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනපතිට

colombotoday

බස් රථයක ගමන් ගනිමින් සිටි කතක් අසුනේම මිය ගිහින්

colombotoday