Colombo Today Local News

ආරක්ෂිත සහල් තොග පවත්වා ගනිමින් සහල් මිල පාලනයට ගෙන ගිය වැඩපිළිවෙළ අසාර්ථකයි – ජාතික විගණන කාර්යාලය

වෙළෙඳපොළේ සහල් හිඟයක් පවතින කාල සීමාවලදී ආරක්ෂිත සහල් තොග පවත්වා ගනිමින් සහල් මිල පාලනයට ගෙන ගිය වැඩපිළිවෙළ අසාර්ථක වී ඇතැයි ජාතික විගණන කාර්යාලය අවධාරණය කරයි.

එම කාර්යාලය පෙන්වා දෙන්නේ, 2012 වසර් සිට 2019 දෙසැම්බර් 31 දක්වා කාලසීමාව තුළ ආහාර කොමසාරිස් දෙපාර්තමෙන්තුවේ ගබඩා සතුව කිසිදු ආරක්ෂිත සහල් සංචිතයක් නොතිබූ බවයි.

මේ හේතුවෙන් දෙපාර්තමේන්තුවේ අරමුණු ඉටු කර ගැනීම වෙනුවට වෙනත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතතනවල අරමුණු ඉටු කරදීම වෙනුවෙන් කටයුතු කෙරී ඇති බව එම වාර්තාවේ දැක්වේ.

ආරක්ෂිත සහල් සංචිත පවත්වා ගෙන යෑම සඳහා ගබඩා උපයෝජනයේ කාර්ය සාධනය පිළිබඳව විශේෂ විගණන වාර්තාවක් ඉදිරිපත් කරමින් ජාතික විගණන කාර්යාලය මේ බව පෙන්වා දී ඇත.

දෙපාර්තමේන්තුව සතුව පැවැති ගබඩා කුලියට ලබාදීමෙන් 2019 දෙසැම්බර් 31 වනවිට අය කර ගැනීමට තිබු රුපියල් කෝටි 11කට අධික මුදල අය කර ගැනිම සඳහා ප්‍රමාණවත් පියවර ගෙන නැතැයි ද එම වාර්තාවේ සඳහන් ය.

Related posts

නැගෙනහිර සිංහලයන්ට සිදුවූ ඓතිහාසික අසාධාරණය….

colombotoday

2011 ක්‍රිකට් තරග පාවාදීම පැමිණිල්ලේ පරීක්‍ෂණ අවසන් පාවාදීමක් ගැන කරුණු අනාවරණයක් නෑ..

colombotoday

ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නැහැ

colombotoday

රාජිත සේනාරත්න අධිකරණයට

colombotoday

ශ්‍රී ලංකාවේ එන්නත් සහතික බ්‍රිතාන්‍ය පිළිගනී: පිළිගන්නා එන්නත් වර්ග මෙන්න

colombotoday

බස්නාහිර පාසල් ආරම්භය මසකට කල් යයි

colombotoday