Colombo Today Local News

“මට කෝටියක් ලැබුණු බව ඇත්තයි.. සාමාන්‍ය අයට වඩා අපට වරප්‍රසාද හිමියි“ – රාජිත

rajithaජනාධිපතිවරයා තීරණය කරන්නේනම් සාමාන්‍ය පුද්ගලයෙකුට වුවද ජනාධිපති අරමුදලෙන් ලක්ෂ දෙකකට වඩා වැඩි මුදලක් ලබාදීමට හැකියාව පවතින බව සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

තමාට ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලෙන් කෝටියක මුදලක් ලැබුණු බව සත්‍යයක් බවත්, තමාට පමණක් නොව ජනාධිපති අරමුදලෙන් කෝටියක මුදලක් කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයාටද එකල ලැබුණු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

හෙතෙම මේ බව පැවසුවේ, ඊයේ (23දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අතර සාමාන්‍ය පුද්ගලයෙකුට තදබල අසනීපයක් සෑදුණු විටකදී වුව ජනාධිපති අරමුදලෙන් ලබාදෙන්නේ ලක්ෂ දෙකක පමණ මුදලක් වුවත්, රාජිත අමාත්‍යවරයා රොගාතුර වූ අවස්ථාවේදී කෝටියක මුදලක් ලබාදුන් බව සත්‍යයක් දැයි මාධ්‍යවේදියෙකු විමසූ අතර, සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් නොව මන්ත්‍රීවරයෙකුට විශේෂ වරප්‍රසාද පවතින බැවින් එවැනි මුදලක් ජනාධිපති අරමුදලෙන් ලැබීම ප්‍රශ්නයක් නොවන බව අමාත්‍යවරයා පැවසීය.

Related posts

කෝටි 40කට අධික වටිනා රත්තරන් රේගුවේදී අල්ලයි

Admin

ජනතාව බදු ගින්නේ.. 2017 නව වසරට මුදල් අමාත්‍යාංශයෙන් ගිනිකෙළි සංදර්ශනයක් !

colombotoday

රාජිත සේනාරත්න අත්අඩංගුවට

colombotoday

ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කෙරේ !

colombotoday

සියලු පාරිභෝගිකයින්ට ටෝකන් ක්‍රමයට IOC යෙන් ඉන්ධන

colombotoday

මැතිවරණ කල් දමන්න පාර්ලිමේන්තු යෝජනාවකින් බැහැ.

Admin