Colombo Today Local NewsHot News

“එකිනෙකා මරාගන්න මුස්ලිම් අන්තවාදී කල්ලි මෙරට ක්‍රියාත්මකයි“ අධිකරණ ඇමති

wwwjsmලංකාවේ හිස ඔසවමින් පවතින බරපතල ඉස්ලාමීය මූලධර්මාවාදී කල්ලි කණ්ඩායම් කිහිපයක් පිළිබදව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ඊයේ (18) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළා.

ශ්‍රී ලාංකිකයන් 32ක් සිරියාවේදී අයිසීස් ත්‍රස්ත සංවිධානය සමග එක්ව ඇති බව සදහන් කළ ඇමතිවරයා, සංචාරක වීසා මත මෙරටට පැමිණි විදේශිකයන් මුස්ලිම් ජාත්‍යන්තර පාසල්වල ඉගැන්වීම් කරන බවත්, ගුරුවරුන් ලෙස පෙනී සිටින මොවුන් මුස්ලිම් දරුවන්ගේ මනස් විකෘති කරමින් ආගමික අන්තවාදය වපුරමින් සිටින බවද ප්‍රකාශ කළා.

එකිනෙකා මරාගන්නා මුස්ලිම් අන්තවාදී කල්ලි කණ්ඩායම් මෙරට ක්‍රියාත්මක වන බවත්, ඉදිරියේදී බරපතල ගැටළු මතුවියහැකි බවත් අධිකරණ ඇමතිවරයා පෙන්වා දුන්නා.

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/1832230377046437/” width=”500″ height=”400″ onlyvideo=”1″]

මෙරට තුළ බරපතල ලෙස ඉස්ලාමීය අන්තවාදී ක්‍රියාකාරකම් ඉස්මතු වෙමින් පවතින බවත්, මැදපෙරදිග රටවලින් සංක්‍රමණය වූ පූජකයන් මෙරට “අරාබි පාසල් නමින් ස්ථාපිත කර ඇති අධ්‍යාපන ආයතනවල සහ මද්රසා පාසල්වල අන්තවාදී ආගමික ඉගැන්වීම් සිදු කරන බවටත් ජාතික සංවිධාන සහ විවිධ පාර්ශව වලින් පසුගිය කාලය පුරා කතා බහට ලක්කළ අතර, “ජාතිවාදී ප්‍රකාශ“ යැයි හදුන්වමින් පක්ෂ විපක්ෂ දේශපාලකයන් සහ වගකිවයුතු පාර්ශව වලින් එම මත බැහැර කෙරුණා.

එසේ වුවද ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ඉස්ලාමීය මූලධර්මවාදය සහ අයිසීස් ත්‍රස්ත සබදතා පිලිබදව වැදගත් තොරතුරු කිහිපයක් ඉන්දීය බුද්ධි අංශ උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍යද වාර්තා කරතිබුණු අතර ඉන් හෙළිදරව් කර තිබුනේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන “මද්රසා“ නම් ඉස්ලාමීය ඉගැන්වීම් සිදුකරන පාසල් හරහා ඉන්දීය ජාතිකයන් කිහිප දෙනෙකුද අයිසීස් ත්‍රස්තයන් සමග සම්බන්ධ වී ඇති බවයි. එම ඉගැන්වීම හරහා සාමාන්‍ය මුස්ලිම් සමාජය අතර මූලර්මවාදී අන්තගාමී අදහස් ප්‍රවර්ධනය කරමින් සිටින බවද එම මාධ්‍ය වාර්තා හෙළිකර තිබුණා.

Related posts

අරලියගහ මැදුරේදී වෙඩි තබාගැනීමක්.. එස්.ටී.එෆ්. සෙබළෙක් මරුට

colombotoday

පාතාලයකු මරන්න මැගසින් හිරගෙදරට ගෙනා සයනයිඩ් කුප්පියක් සහ සිරින්ජරයක් හසුවේ

colombotoday

දුම්රියෙන් තෙල් ඇද්ද භාණ්ඩ පරීක්ෂකයින් දෙදෙනෙක් මාට්ටු

Admin

අන්තවාදය ගැන ඥානසාර හාමුදුරුවෝ කියන බුද්ධිමය සංවාදය කතෝලික සභාවත් ඉල්ලයි.

colombotoday

‘මංතීරු පුවරු දෙමළෙන් නොදැම්මොත් පොලීසියට නඩු” – ජාතික සංවාද අමාත්‍යාංශය දන්වයි

colombotoday

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලයේ 60 පැනපු අයත් ගෙදර

colombotoday