Colombo Today Local News

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලයේ 60 පැනපු අයත් ගෙදර

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලයේ වයස අවුරුදු 60 සම්පූර්ණවූ සාමාජිකයන්ද ලබන දෙසැම්බර් මස 31 වැනි දින විශ්‍රාම ගැන්වීමට රජය තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ කාර්ය මණ්ඩලයේ පිරිසක් විශ්‍රාම යෑමේ අවම වයස 65 දක්වා දීර්ඝ කර ගැනීමට පසුගිය දිනවල උත්සාහයක නිරතව සිටියහ.

මේ අතර පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ කාර්ය මණ්ඩලයේ වයස 60 සම්පූර්ණවූ සාමාජිකයන්ට තමන්ගේ කැමැත්ත පරිදි ලබන දෙසැම්බර් මස 31 වෙනිදා හෝ ඊට පෙර විශ්‍රාම ගත හැකි බව පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ( පරිපාලන) තච්චනා රාණි මහත්මිය විශේෂ චක්‍රලේඛයක් පසුගිය 21 වෙනිදා දාතමින් යුතුව නිකුත් කරමින් දැනුම්දී ඇත.

විශ්‍රාම ලිපි ගොනු සකස් කිරීම සඳහා අවශ්‍ය ලේඛන ආයතන කාර්යාංශය වෙත බාරදෙන ලෙස වයස 60 සම්පූර්ණ වීම නිසා ලබන දෙසැම්බර් මස විශ්‍රාම ගැනීමට නියමිත නිලධාරීන්ට එමගින් දන්වා තිබිණ.

මේ අතර පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු වයස අවුරුදු 50 ට එලඹීමෙන් අනතුරුව අවුරුදු 60 ට පෙරාතුව විශ්‍රාම යෑමට අදහස් කරන්නේ නම් විශ්‍රාම යෑමට අපේක්ෂා කරන දිනට මාස හයකට පෙර ඒ බව ලිඛිතව දැනුම්දී කතානායකවරයාගේ අනුමැතිය ලබා ගත යුතු බව පරිපාලන අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් දැනුම්දී ඇත.

Related posts

පිටිගල තිදරු පියකු අභිරහස් ලෙස කෙසෙල් හේනක මැරිලා

Admin

පාසල් සිසුවකු කාණුවක හිර වෙයි

colombotoday

රත්තරං කිලෝග්‍රෑම් 10ක් ප්‍රවාහනය කළ අයෙක් කල්පිටියේදී අල්ලයි

colombotoday

තල් අරක්කු වලට කැනඩාවෙන් ඉහළ ඉල්ලුමක්

Admin

ඉන්දියානුවන්යැයි සැක අය දැක්කොත් දැනුම් දෙන්න. | කොරෝනා මරණ දත්ත ගැන සැකයි – උපුල් රෝහණ

colombotoday

මුහුණු පොත හරහා අලෙවි ජාවාරම් කල සිව් දෙනෙකු අත්අඩංගුවේ

colombotoday