Colombo Today Local News

තල් අරක්කු වලට කැනඩාවෙන් ඉහළ ඉල්ලුමක්

තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් මෙම වර්ෂයේ රුපියල් මිලියන 78ක ආදායමක් ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය පවසයි.

විශේෂයෙන් මෙරට තල් ආශ්‍රිතව නිෂ්පාදනය කරන තල් රා සහ තල් අරක්කු සඳහා කැනඩා වෙළෙඳ පොලේ ඉහළ ඉල්ලුමක් පවතින බව තල් සංවර්ධන මණ්ඩලය කියයි.

දැනට තල් ගස් මිලියන 11ක් තිබුන ද ඉන් සියයට 60කගෙන්ම කිසිදු ප්‍රයෝජනයක් නොගනී.

මේ හේතුවෙන් තල් ආශ්‍රිත නිෂ්පාදන ජනප්‍රිය කරවීම සඳහා මෙන්ම ඉන් ආර්ථික වාසි ලබා ගැනීම සඳහා කටයුතු කළ යුතු ආකාරය ගැන ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන්නන්ට විශේෂ පුහුණුවක් ලබා දීම අරඹා ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය පවසයි.

පසුගිය යුද සමයේ උතුරේ තල් ගස් වලින් සියයට 30ක් පමණ විනාශ වූ අතර මේ වනවිට එම ප්‍රමාණයම නැවත වගා කර ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය පවසයි.

පසුගිය වසර 4 ඇතුලත අලුතින් තල් ගස් ලක්ෂ දෙකක් රෝපණය කිරීමට පියවර ගත් බව එම මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ මහතා අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුනි.

මත්තල තල් සංවර්ධන මණ්ඩල පරිශ්‍රය නිරීක්ෂණය සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහි ගිය අතර එහිදී තල් ආශ්‍රිතව නිෂ්පාදනය කර තිබු උපකරණ මෙන්ම විවිධ ආහාර ද්‍රව්‍ය ද ප්‍රදර්ශනය කරනු ලැබීය.

Related posts

කුඩු හොරු දුම්රියේදී රන් මාලයක් සහ රුපියල් ලක්ෂ දෙකක් කොල්ලකයි

colombotoday

IMF නියෝජිතයින් අගමැති හමුවෙයි

colombotoday

දකුණු පළාත් ආණ්ඩුකාර කැෆේ කීර්තිට ඉල්ලා අස්වෙන ලෙස ජනපති දන්වයි

colombotoday

එජාප ප්‍රබල ඇමති දෙදෙනා දුම්බර රක්ෂිතයේ මහා ඉඩම් කොල්ලයක… එජාප මන්ත්‍රීනියක්ම හෙළිකරයි

colombotoday

මීගමුව බන්ධනාගාර නිලධාරිනියන් විදේශීය රැදවියන් දෙදෙනෙකුගේ මුදල් සහ රන්භාණ්ඩ කොල්ලකයි

colombotoday

“අලුත් ව්‍යස්ථාවට ජනමතවිචාරණයක් තිබ්බොත් ආණ්ඩුව පරාදයි“ – චම්පික

colombotoday