Colombo Today Local News

පාතාලයකු මරන්න මැගසින් හිරගෙදරට ගෙනා සයනයිඩ් කුප්පියක් සහ සිරින්ජරයක් හසුවේ

පාතාල ප‍්‍රබලයකු ඝාතනය කිරීම සඳහා කොළඹ මැගසින් බන්ධනාගාරය තුළට ගෙනවිත් සගවා තිබූ මාරාන්තික විෂ සහිත සයනයිඞ් කුප්පියක් සහ එන්නත් කටුවක් සහිත සිරින්ජරයක් පෙරේදා (8 දා) සිදු කළ සෝදිසියකදී බන්ධනාගාර බුද්ධි ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සොයාගෙන ඇත.

මෙම සයනයිඞ් සහිත කුප්පිය සහ සිරින්ජරය ගෙනැවිත් සඟවා තිබුණේ මේ වන විට මැගසින් බන්ධනාගාරයේ රදවා සිටින මිනිස් ඝාතන සහ කුඩු ජාවාරමට සම්බන්ධ රත්මලාන ගොනාකෝවිලේ රෝහා නමැති පාතාල ප‍්‍රබලයා ඝාතනය කිරීමට බව බන්ධනාගාර බලධාරීන් මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම සයිනයිඞ් බන්ධනාගාරයට තුළට ගෙන්වා ගත් බවට සැකකරන වෙනත් පාතාල කල්ලියක සාමාජිකයන් දෙදෙනකු මේ වන විට බන්ධනාගාර බලධාරීන් විසින් මැගසින් බන්ධනාගාරයේම සිරකුටි දෙකක රඳවා තබා ඇතැයි බන්ධනාගර ප‍්‍රකාශකයෙක් පැවසීය.

උසස් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනාගෙන් මේ පිළිබඳව ප‍්‍රශ්න කළ ද “සර්ලාට ඕවා වැඩක් නැහැ” යැයි පවසා ඇති එම පාතාල සාමාජිකයන් දෙදෙනා මේ දක්වා සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් හෙළි නොකළ බවද හෙතෙම පැවසීය.

මෙම සයනයිඞ් සහිත කුප්පිය සහ සිරින්ජරය බන්ධනාගාරය තුළට ගෙනැවිත් පාතාල සාමාජිකයන් දෙදෙනා අතට පත් කළේ බන්ධනාගාර නිලධාරියකුදැයි මේ වන විට සැකයක් මතුවී තිබේ.

සිද්ධියත් සමගම ඒ පිළිබද විමර්ශන පැවත්වීම සඳහා බොරැල්ල පොලිසියට දැනුම් දීමටද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව ඊයේ (9 දා) දහවල් වන විට බොරැල්ල පොලිසිය සිද්ධිය පිළිබඳව විශේෂ විමර්ශනයක් අරඹා ඇත.

Related posts

” පාර්ලිමේන්තුවේ පිස්සන් වගේ වැඩ කරන්න එපා “

colombotoday

යුක්තියට අයිස් සමඟ කොස්තාපල් මාට්ටු

Admin

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වේ

Admin

පොහොට්‌ටුවට 52% ක් ! එ.ජා.ප.යට 34% ක්‌ ! බුද්ධි වාර්තා කියයි

colombotoday

උතුරු – නැගෙනහිර අද හර්තාල්

Admin

නාම යෝජනා භාරදීමෙන් පසු පෙළපාලි යාමෙන් වළකින්නැයි මැතිවරණ නිරීක්ෂකයින් ඉල්ලයි

Admin