Colombo Today Local Newsපුංචි ඡන්දය

පොහොට්‌ටුවට 52% ක් ! එ.ජා.ප.යට 34% ක්‌ ! බුද්ධි වාර්තා කියයි

බුද්ධි අංශ සමීක්‍ෂණ වාර්තා අනුව මෙවර පළාත් පාලන මැතිවරණයෙන් සියයට පනස්‌ දෙකක (52%) ඡන්ද ප්‍රතිශතය පොහොට්‌ටුවටත් සියයට තිස්‌හතරක්‌ (34%) එ.ජා.ප.යටත් හිමිවෙන බව කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට විරුද්ධව අද රටේ තිබෙන ප්‍රධානම ශක්‌තිමත්ම බලවේගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් මහින්ද රාජපක්‍ෂගේ නායකත්වය යටතේ ගමේ බලය පළාත් පාලන මැතිවරණයෙන් ස්‌ථිර වශයෙන්ම ලැබෙන බව ද හෙතෙම පැවසීය.

කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවට තරග කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයන්ගේ නාමයෝජනා කුරුණෑගල දිස්‌ත්‍රික්‌ තේරීම්භාර නිsලධාරිට බාරදීමෙන් අනතුරුව පක්‍ෂයේ ආධාරකරුවන් සමඟ මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් හෙතෙම එසේ සඳහන් කළේය.

වයඹ පළාත් සභා මන්ත්‍රී ජෙහාන් ප්‍රනාන්දු මහතා ද මෙම අවස්‌ථාවට සහභාගි විය.

– Divaina

Related posts

දෙහිවල සත්වෝද්‍යානය පිළියන්දලට

colombotoday

කොවිඩ් ආසාදිතයන් ගණන 1209 දක්වා ඉහලට

colombotoday

කොළඹ හිටපු අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් ස්වර්ගස්ථ වෙයි

Admin

රන්ජන් ඇමරිකාවේ බැංකුවකට පොලු තියලා… අත්අඩංගුවට ගතයුතු පුද්ගලයෙකු යැයි නම් කරයි

colombotoday

එජා සංවිධානය ත්‍රීමලේ නාවික කදවුරට කඩාපැන එහි වධකාගාර තිබූ බව ප්‍රකාශ කරයි

colombotoday

නිරෝධායන නීති උල්ලංඝණය කළ 177ක් අත්අඩංගුවට

colombotoday