Colombo Today Local News

විදෙස් ගමන් බලපත් 18 සමඟ යුවළක් අත්අඩංගුවට

ජපානයේ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් කෝටියකට අධික මුදලක් වංචා කළ අඹුසැමි යුවළක් මාවතගම, පිලැස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මාවතගම පොලීසිය කියයි.

අන්සතු විදේශ ගමන් බලපත් 18, ලැප්ටොප් පරිගණකයක්,ටැබ් යන්ත්‍රයක්,ජංගම දුරකතන තුනක් හා මුද්‍රණ යන්ත්‍රයක්ද ඔවුන් සමඟ පොලිස් බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් දෙදෙනා අවුරුදු 28 සහ 24 වයස්හි පසුවන අතර ඔවුන් පිලැස්ස ප්‍රදේශයේම පදිංචිකරුවෝය.

ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාව නව විටත් විදෙස් ගමන් බලපත් තුනක ජපානයට යාම සඳහා අන්සතු වීසා බලපත් අලවා තිබූ බවද පොලීසිය කියයි.

මෙම අඹුසැමි යුවළට එරෙහිව නිකවැරටිය විශේෂ අපරාධ විමර්ශන අංශය මහව අධිකරණයේ නඩු අටක් පවරා ඇති බවත් එම සියලු නඩු සඳහා වරෙන්තු නිකුත් වී ඇති බවත් අනාවරණය වී ඇතැයි ද පොලීසිය සදහන් කරයි.

අත්අඩංගුවට ගත් අඹු සැමි යුවළ පිලැස්ස මහෙස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ඩොලරය වැඩිවීමෙන් ලංකාවට වාසියක්….

colombotoday

ආනයනික සහල් බද්ද ශත 25 දක්වා පහතට

colombotoday

වියත්මගට එන්නැයි ගෝඨා රට වැසියන්ගෙන් ඉල්ලයි !

colombotoday

රාජ්‍ය නිළධාරී වාහන බලපත්‍ර මිල සීමාව ඉවතට.. විකිණීමටත් අවසර !

colombotoday

සජිත් ආගමනය නැවැත්වීමට රනිල්ගෙන් තුරුම්පුවක්… මහින්ද සමග අගමැති සටනට එජාපයෙන් මෛත්‍රී වික්‍රමසිංහ…

colombotoday

ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක්

Admin