Colombo Today Local News

නැගෙනහිර පර්යන්තය පිළිබඳ වෘත්තීය සමිති යෝජනා අද සාකච්ඡාවට

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත්කළ කමිටුව අද (25)දින පස්වන වරටත් රැස්වීමට නියමිතව තිබේ.

එම කමිටුවේ සභාපති වරාය අමාත්‍යාංශ ලේකම් යු.ඩි.සී ජයලාල් මහතා සඳහන් කළේ, වරාය වෘත්තීය සමිති ඉදිරිපත් කළ යෝජනා මෙන්ම ජපානය සහ ඉන්දියාව සමග ඇති කරගත් අවබෝධතාවන්ට අදාළ යෝජනා එහිදි අධ්‍යයනය කිරීමට නියමිත බවය.

එම අධ්‍යයනවලින් අනතුරුව ඉදිරියේ දී කමිටුවේ වාර්තාව කැබිනට් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙන බව යු.ඩි.සී ජයලාල් මහතා සඳහන් කළේය.

කොළඹ වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හත්දෙනෙකුගෙන් යුත් එම කමිටුව පත්කරනු ලැබීය.

Related posts

ජනපතිට – අගමැතිට සිතාසි

colombotoday

”වරාය නැගෙනහිර පර්යන්තයෙන් බාගයක් විකුණනවා.. හොද ආයෝජකයෙකුත් හමුවුණා” – වරාය ඇමති

colombotoday

අලියා පිටින් ෆොන්සේකා පාර්ලිමේන්තු යවන ගැසට් නිවේදනය එයි

colombotoday

තැපැල් සේවක වර්ජනය අදත්

colombotoday

අඩුආදායම්ලාභීන් සදහා කූපන් ක්‍රමයක් ගැන වාසුදේව කියයි

colombotoday

සිසුන් නව දෙනෙකුට පොලිසියෙන් වන්දි. ගුටි දුන් අයට වරදී

colombotoday