Colombo Today Local News

‘විහාර දේවාලගම් පනත අහෝසි කරන්නේ නෑ’ අධිකරණ ඇමති දැන් වෙනස්ම කතාවක් කියයි

තමා අධිකරණ අමාත්‍ය ධූරය දරණ කාලය තුළ විහාර හා දේවාලගම් පනත අහෝසි කිරීමට හෝ එහි සංශෝධනයක් කිරීමට කිසිසේත්ම බලාපොරොත්තු නොවන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද (25)දින අවධාරණය කළේය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ බුර්කාවෙන් මුහුණු ආවරණය තහනම් කිරීම සහ මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම සඳහා ද දැනටමත් පියවර ගෙන ඇති බවය.

“මම අධිකරණ ඇමතිවරයා වශයෙන් ඉන්නකම් බෞද්ධ විහාර හා දේවාලගම් පනතට අත තියන්නවත් අපේ බලාපොරොත්තුවක් නෑ. හීනෙන්වත් හිතලවත් නෑ. අපි හැමෝම පිළිගන්නවා. මේක අවුරුදු 2500ක ඉතිහාසයක් ඇති, බෞද්ධ ශිෂ්ඨාචාරය මත පදනම් වෙච්ච රටක්. මේ රටේ පුළුවන්ද සිංහල බෞද්ධ ජනතාවගේ පාරම්පරික අයිතිවාසිකම්වලට විරුද්ධව මට නීති ගේන්න. මම එච්චර මෝඩයෙක් නෙමෙයි නේ. නොවැම්බර් වෙනකොට මුස්ලිම් නීතිය සංශෝධනය සඳහා, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා. පොදු ස්ථානවල මුහුණු ආවරණය කිරීම නොකළ යුතුයි කියලා, ඒක එක ප්‍රජාවක් ඉලක්ක කරගෙන නෙමෙයි තීරණය කළේ. රටේ ආරක්ෂාව ගැන හිතලා.”

Related posts

ජනාධිපතිවරණ අපේක්ෂකයා පොහොට්ටුවෙන්මයි. වෙන පක්ෂවලට අඩව් අල්ලන්න බෑ

colombotoday

ශ්‍රී ලාංකිකයින් විසිදෙනකු තලේබාන් පාලනය යටතේ සිටින්නට කැමැත්ත පළ කරයි

colombotoday

නිලාවේලි පරෙවි දූපත තාවකාලිකව වසයි

Admin

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න, කෝටි 75ක් දෙන්නම්. – එජාප ප්‍රභලයෙක් ඥානසාර හිමිට යෝජනා කරලා !

colombotoday

අබලන් ගොඩනැගිලි හා පරිශ්‍ර පිළිබඳ වහා පියවර ගන්නැයි පළාත් බලධාරින්ට උපදෙස්

Admin

කථානායක හරීන්ගේ වෙලාව රොෂාන්ට දෙයි

Admin