Colombo Today Local News

මේකද යහපාලනේ.. මට බලය තියනවනම් ඇමතිලා 6ක් අදම ගෙදර යවනවා – සරත් විජේසූරිය

sarath wijesooriya

තමන්ට විධායක බලතල තිබේනම් වත්මන් ආණ්ඩුවේ ඇමතිවරු 6 දෙනෙක් ගෙදර යවන බව වත්මන් යහපාලන රජය බලයට පත් කිරීම සදහා ඉදිරිපෙළේ ක්‍රියාකාරීව කටයුතු කළ මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

දවසට මට දුරකථන ඇමතුම් 10ක් 15ක් එනවා. අහවල් ලේකම් බැසිල්ගේ හිතවතෙක්. අහවල් අතිරේක ලේකම් නාමල් එක්ක බිස්නස් කරපු කෙනෙක්. තාමත් පරණ අයමයි වැඩ කරන්නේ. මේකද යහපාලනේ. මේ වගේ ප්‍රශ්න අහනවා. මම කැමැතියි මට බලයක් තියෙනවා නම් කැබිනට් මණ්ඩලයේ 6 දෙනෙක් අයින් කරනවා. අමාත්‍යංශ ලේකම්වරු 11ක් වහාම ගෙදර යවනවා මට බලයක් තියෙනවානම් යැයි යටියන්තොට පැවැති ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා ගුණ සමරු උළෙලේ දී සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවසීය.

දීර්ඝ කාලයකට පසු ශිලාචාර රාජ්‍ය පාලනයක් සඳහා දේශපාලන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. ඒ සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට ඉඳගෙන තියෙනවා. මම ඇතුළු අප සියලු දෙනාට වත්මන් ආණ්ඩුව පිළිබඳ බරපතල විවේචනයක් තියෙනවා. යැයි ද විජේසූරිය මහතා කීවේය.

Related posts

බැදුම්කර බෑණා මහබැංකුව සමග තවමත් ගණුදෙණු.. කෝප් සභාපතිගේ අපේක්ෂා භංග වෙයි !

colombotoday

ජනපති වි‌ශේෂ සාකච්ඡාවකට හිටපු ඇමතිවරු කැඳවයි

colombotoday

ප්‍රමිතියෙන් තොර ආනයනික නිමි ඇඳුම්වලට බද්දක්

colombotoday

සන්නද්ධ රාජකාරියට මසක දිගුවක්

colombotoday

“මේ ආණ්ඩුවට බොක්කුවක්වත් හදා ගන්න බැරිවුණේ රාජපක්ෂලා ජොලියට ගත්ත ණය ගෙවන්න සිදුවුණ නිසයි” – ඇමති චම්පික

colombotoday

ආණ්ඩුව බහුතර බලය ඕනෑම අවස්ථාවක පෙන්වීමට සූදානම්

colombotoday