Colombo Today Local News

ජනපතිට තනපටයක් තරම්වත් ශ්‍රීපාදය වටින්නෑ වගේ.. ඔබ කාටද හිමි ඉඩම් පුතේ !!

සමනල කන්ද ආශ‍්‍රිත ඉඩමක ඉදිකරමින් ඇති නිවාඩු නිකේතනය හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂගේ නැද්ද යන්න ස්ථිර වශයෙන්ම දැන ගත හැක්කේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පිවිතුරු හෙල උරුමයේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල කලේය.

සමනල කන්දේ විදේශීය සමාගමක් නිවාඩු නිකේතනයක් හදන බවට මේ දින වල දැවැන්ත ආන්දෝලනයක් තිබෙනවා. ශ්‍රී පාද නායක හිමියන් පවසන විධියට එම ඉඩම ශ්‍රී පාද පුද බිමට අයිති නෑ. වන සංරක්ෂණ නිලධාරින් පවසන විධියට මේ ඉඩම වන සංරක්ෂණයට අයිතිත් නෑ. එහෙම නම් මේ ඉඩම අයිති කාටද? විදේශිකයින්ට බදු දුන්නා ද විකුණුවා ද? “පුද බිම නොවන බව හිමි පවසනවා. වනය නොවන බව වන නිල පවසනවා. ඔබ කාටද හිමි ඉඩම් පුතේ? කියලා අපට ඉඩමෙන්ම තමයි අහන්න වෙන්නේ. මේ ඉඩම බැසිල් රාජපක්ෂ මැතිතුමා විදේශිකයින්ට විකුණලා කියලා බොරු ප්‍රචාරයක් පැතිරුවා. ආණ්ඩුවෙන්මයි මේ ප්‍රචාරය යැව්වේ. අපි ගාව තියෙනවා ඒක ප්‍රචාරය කරපු ෆේස් බුක් , වෙබ් පිටු මොනවද කියන එකත් ඒක ෂෙයා කරමින් කටයුතු කරපු මේ ආණ්ඩුවට සම්බන්ධ විවිධ දේශපාලකයන්ගේ ගෝලයන් කවුද කියන එකත්. බැසිල් රාජපක්ෂ මැතිතුමා ශ්‍රී පාදයේ ඉඩමක් විදේශිකයින්ට විකුණලා කියලා හඬ නගන අයට මම අභියෝග කරනවා ඒකට සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා.“බැසිල්“ කියන නම ඇසුනා විතරයි විශ්‍රාමික දේශප්‍රේමින් බොහොම උනන්දුවෙන් සටනට බැස්සා. මේ අය බලයට ආවොත් දළදා මාළිගයත් විකුණාවි කියමින් මුහුණු පොත පුරා බොරු ප්‍රචාරය කලා. ඒක බොරුවක් කියලා දැන ගත්තාම කට්ටිය නිහඬ වුණා. දැන් වරදක් වෙන්නේ බැසිල් මැතිතුමා ඉඩම විකුණුවා නම් විතර ද? වර්තමාන ආණ්ඩුවෙන් එහෙම කලොත් වරදක් නොවේ ද? මහින්ද රාජපක්ෂ මැතිතුමා කළත් ජනාධිපති කළත් අගමැති කළත් වරද වරදමයි. කළ පුද්ගලයා අනුව වරද නිවැරදි වෙන්නේ නෑ.

ශ්‍රී පාද පුද බිම වගේම සමනොල රක්ෂිතයත් අපේ උරුමයන්. ජාති ආගම් පක්ෂ භේද පැත්තක තබලා අපේ උරුමයන් රැක ගන්න සමස්ත ජාතියම එකතු විය යුතුයි. ඒ නිසා මේ ඉඩම පිළිබඳ සැබෑ කතාව ආණ්ඩුවේ බලධාරින්, විශේෂයෙන් ඉඩම් ඇමති විසින් රටට හෙලි කළ යුතුයි.මේ ඉඩම අයිති කාටද? විදේශිකයෙකුට දීලද නැද්ද? ඒක සිදු උනේ කොහොමද? මෙය රක්ෂිතයට අයත් නැතත් රක්ෂිතයට අවට ඉඩමක් උනත් පාරසරික බලපෑම් ගැන ඇගයීමක් නැතුව කිසිදු ඉදිකිරීමක් කල නොහැකියි. මමත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලෙස කටයුතු කල නිසා ඒ බව හොදින්ම දන්නවා. ඒ නිසා ඉඩම් ඇමති හෝ පරිසර ඇමති රට ඉදිරියට ඇවිත් මේ ආන්දෝලනාත්මක සිදු වීමේ සැබෑ කතාව රටට හෙළි කල යුතුයි. ඒ වගේම පරිසර ඇමතිතුමා වන ජනාධිපති මේ පිලිබඳ නිශ්ශබ්දයි. එතුමන් තනපටක් විසිකිරීමත් මහා ජාතික අර්බුදයක් බවට පත්කර ගත්තා. තනපටකට වඩා ශ්‍රි පාදය අපට වටිනවා කියලා අපි ජනාධිපතිතුමාට බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා.

Related posts

ඉන්ධන සීමා අත්‍යවශ්‍ය සේවාවලට අදාල නැහැ..

colombotoday

ගම්පහින් ආසාදිතයන් දෙදෙනෙක්.. ස්ථාන කිහිපයකම සංචාරය කරලා

colombotoday

බදියුදීන් අත්අඩංගුවට ගන්න කියා නියෝගයක් ආණ්ඩුව දීලා නෑ. දැන් පොලිසිය ස්වාධීනයි – ජොන්ස්ටන් ප්‍රනාන්දු

colombotoday

බුදුන් වහන්සේට නිගා කළ තව්හිද් ජමාත්ට එරෙහි නඩුව අද කැදවයි

colombotoday

මහ මඟදී රියදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

colombotoday

ආචාර්ය වික්ටර් රත්නායකට ඕස්ට්‍රේලියාවෙන් ලැබුණු සම්මානය

colombotoday