Colombo Today Local News

විදුලි රැහැනක් ඇද ඇතා මරුවැයි ගොවියා අත්අඩංගුවට

අන්දරගොල්ලෑව ප්‍රදේශයේ කුඹුරක් වටා අනවසරයෙන් ඉදිකරන ලද විදුලි වැටක ගැටිමෙන් අවුරුදු 15ක් පමණ වයසැති දළ ඇතෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම කුඹුරේ හිමිකරු වනජිවි දෙපාර්තමේන්තුවේ කහටගස්දිගිලිය කාර්යාලයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අන්දරගොල්ලෑවේ ගොවියෙකි.

අන්දරගොල්ලෑව ප්‍රදේශයේ කුඹුරක් ආසන්නයේ දළ ඇතෙකු මිය ගොස් ඇති බවට ‍ලැබුණු තොරතුරු මත ගිය වනජීවී නිලධාරීන්ට මෙම ගොවියා අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

එම කුඹුර හිමි පුද්ගලයා විසින් සිය නිවසේ සිට අනවසරයෙන් විදුලි රැහැනක් කුඹුර වටා ඇද තිබිමේ හේතුවෙන් එම විදුලි රැහැනේ ගැටිමෙන් දළ ඇතා මිය ගොස් සිටි බවට සිදුකළ පරික්ෂණයේදි අනාවරණයවු බව වනජිවි නිලධාරින් සඳහන් කරයි.

Related posts

මහ විපතේදීත් මුල් තැන ජාතිවාදයටයි.. ඇමති කබීර් අරණායක දුක නොබලයි.. කෑගල්ලේ ආධාර මුස්ලිම් පල්ලිවලට යවයි

colombotoday

සම්භාහන මධ්‍යස්ථානයකට ගිය පුද්ගලයෙකු මරුට

colombotoday

RMVයෙන් වේලාවක් වෙන්කර ගන්න දුරකථන අංක

colombotoday

සිංහල නම් ගන්න වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුස්ලිම් ජාතිකයන් පෝළිමක්…

colombotoday

සුරාබදු කොමසාරිස්ගේ ගෙදරට බෝම්බ ගහයි !

colombotoday

මත්කුඩු ජාවාරමට එරෙහි වූ අන්තරායකර ඖෂධ මණ්ඩලයට ඇමති එරෙහි වෙයි

colombotoday