Colombo Today Local News

මිලියන 80ක අබින් සහ කේරළ ගංජා පේදුරුතුඩවෙන් අල්ලයි

යාපනය පේදුරුතුඩුව, වල්ලිපුරම් වෙරලේ සඟවා තිබූ රුපියල් මිලියන 80ක් පමණ වටිනාකමින් යුත් අබින් කිලෝ 48ක් හා කේරළ ගංජා කිලෝ 112ක් සොයාගත් බව පේදුරුතුඩුව පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ලැබුණ තොරතුරක් මත පේදුරුතුඩුව පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

වල්ලිපුමරම් වෙරලේ කැළැ රොදක සූක්ෂම ලෙස අබින් තොගය හා කේරළ ගංජා තොගය සඟවා තිබියදී සොයාගත් බවත් වැටලීම සිදුකරන අවස්ථාවේ මත්ද්‍රව්‍ය රැගෙන අ‍ා සැකකරුවන් පළාගොස් සිටි බවද පොලිසය පවසයි.

විශාල පොලිතින් උර තුනක් තුළ අබින් කිලෝ 48 සහ කේරළ ගංජා කිලෝ 28 තිබී අ‍ැති අතර තවත් ස්ථානයක පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් වැඩිදුරටත් කළ සෝදිසියකදී කේරළ ගංජා කිලෝ 84 ක් සොයාගත් බවත් පැවසීය.

Related posts

පොහොට්ටුවට බලය හිමි පළාගල අයවැය පරාදයි

colombotoday

මෝදිගෙන් ගෝඨාභයට සුබ පැතුම්

colombotoday

ජනපතිගේ නත්තල් දින පණිවුඩය

colombotoday

අවුරුද්දෙන් පස්සේ හිටපු ජනපතිගේ තැන් මාරුවක්

colombotoday

නැගෙනහිර ගම්බිම් වලින් සිංහල ජනතාව පන්නා දැමීමට එරෙහිව මඩකලපුවේ විරෝධතා !

colombotoday

මුලතිව්වට කාලගුණ විද්‍යා කාර්යාලයක්..

colombotoday