Colombo Today Local News

ඉන්දියාවෙන් ඩීසල් එන්ජින් 20ක් නොමිලේ ශ්‍රී ලංකාවට..

දුම්රිය එන්ජින් 20ක් නොමිලේ ලබා දීමට ඉන්දීය රජය ඉදිරිපත්ව තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්.බණ්ඩාර මහතා සඳහන් කරන්නේ, එරට දුම්රිය පද්ධතිය විදුලියෙන් ක්‍රියාත්මක කිරීමත් සමග භාවිතයෙන් ඉවත් කළ ඩීසල් එන්ජින් 20ක් දිවයිනට ලබාදීමට තීරණය කර ඇති බවයි.

ඒවා මෙරට මාර්ගවල ධාවනය කළ හැකිද යන්න පසුගියදා ඉන්දියාවට ගිය දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් කණ්ඩායමක් පරීක්ෂා කර තිබේ.

ඒ අනුව, දුම්රිය එන්ජින් දෙකක් පෙබරවාරි මාසයේදි මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව ඔහු පවසයි.

Related posts

හිටපු ජනපතිගේ බාල සොයුරිය අභාවප්‍රාප්ත වේ..

colombotoday

උතුරේ මුහුදු කටයුතු උතුරු පළාත් සභාවට…?

colombotoday

මුදල් පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව සම්මතයි

colombotoday

බස් රියදුරාගේ බත් පාර්සලයෙන් හෙරොයින් මතුවෙයි

Admin

උතුරේ පැරණි ගොඩනැගිලි හා කෝවිල් සංරක්ෂණයට රජයෙන් විශේෂ වැඩපිළිවෙලක් !!

colombotoday

හම්බන්තොට වරායේ සිංහ කොඩි කණුව කපා දමයි.. චීන කොඩිය ඔසවයි (Video)

colombotoday