Colombo Today Local News

බස් රියදුරාගේ බත් පාර්සලයෙන් හෙරොයින් මතුවෙයි

කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් ඇල්ල ප්‍රදේශයේදී මහව පොලීසිය විසින් ඊයේ (18)දින පරීක්ෂාවට ලක්කර තිබේ.

එහිදී බසයේ රියදුරු අසුන අසල තිබී රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 143ක් සොයාගෙන ඇත.

රියදුරු අසුන අසල කුඩා පාර්සලයක් තිබී ඇති අතර එය තම බත් පාර්සලය බවට රියදුරු ප්‍රකාශ කළ ද පොලීසිය එය පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම හෙරොයින් හමුවී තිබේ.

43 හැවිරිදි එම පුද්ගලයා රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් බස් රථයේ රියදුරා ව අද(19)දින මහව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

බෞද්ධ හා පාලි සරසවි මහා ශිෂ්‍ය සංගම් ලේකම් හිමි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

Admin

අඹ ගෙඩි තුනයි මල් මාලයයි කෝවිලකදී ලක්ෂ 10ට වෙන්දෙසි වෙයි

colombotoday

වහා ඉල්ලා අස්වෙන්නැයි ශ්‍රීලනිපය අගමැතිට දන්වයි.. විශ්වාසභංගයට ඒකමතිකව පක්ෂයි.. ඊයේ රෑ ගත් තීරණය මෙන්න

colombotoday

නාමල් මේ රටේ ජනාධිපති වී මහින්ට වඩා හොදින් රට පාලනය කරනවා..

colombotoday

ප්‍රභාකරන් සමරන්න ගිය සිවාජිලිංගම් අත්අඩංගුවට….

colombotoday

බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් එන්නතේ සැපයුම් අඩාල විය හැකිබවට අනතුරු ඇඟවීමක්

colombotoday