Colombo Today Local News

අධිවෙිගයේ අනතුරකින් මව-දියණිය මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම සිට බද්දේගම අතර ලොරියක් සහ වෑන් රියක් ගැටී සිදු වූ රිය අනතුරකින් මවක සහ දියණියක මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ, අම්බලන්තොට, බැරගම පදිංචි, ලංකා බැංකුවේ බරවකුඹුක ශාඛාවේ සහකාර කළමනාකාරිය ලෙස කටයුතු කළ සමරසිංහ කොඩිතුවක්කු ආරච්චිගේ උමේශිකා මධුමි (30) සහ ඇගේ මව එදිරිමුණි රීටා හැරියට් ද සොයිසා (56) යන දෙදෙනාය.

මෙම අනතුර සිදුව ඇත්තේ කුරුඳුගහහැතැප්ම පිවිසුමේ සිට ගාල්ල දෙසට කිලෝමීටර තුනක් දුරිනි.

මියගිය දියණිය තම මව වෛද්‍යවරයකුට පෙන්වා බෙහෙත් ගැනීම සඳහා ලංකා බැංකුවේ සුබ සාධන වෑන් රථයෙන් කොළඹ ගොස් ආපසු එන අතරතුර මෙම අනතුර සිදුව තිබේ.

Related posts

ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තය සාමාන්‍ය වැසියන්ට තහනම් කරයි

colombotoday

ඇමතිධුර හයක් හිස්වෙයි… ඇමති පිරිසක් රට යයි.. කැබිනට් සංශෝධනය කල් යන ලකුණු

colombotoday

නව ව්‍යවස්ථාවේ රාමුව ෆෙඩරල් ද? – ආචාර්ය දයාන් ජයතිලක

colombotoday

ඤාණසාර හිමි ජයවර්ධනපුර රෝහලෙන් නැවතත් බන්ධනාගාර රෝහලට…

colombotoday

‘මංතීරු පුවරු දෙමළෙන් නොදැම්මොත් පොලීසියට නඩු” – ජාතික සංවාද අමාත්‍යාංශය දන්වයි

colombotoday

යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය පාවාදෙන අවසන් මෙහෙයුමත් ඇරඹෙයි !

colombotoday