Colombo Today Local News

තිස්ස කුට්ටිආරච්චි මාස හයක වැටුප පරිත්‍යාග කරයි

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සිය ඉදිරි මාස හයක පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප බදුල්ල දිස්ත්‍රික් ජනතාවට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

ලබන ජනවාරි 18 වැනිදා පාර්ලිමේන්තුවේ සැසිවාරය ආරම්භ වීමෙන් පසුව සිය මාස හයක වැටුප බදුල්ල දිස්ත්‍රික් දුක්විදින ජනතාවගේ ප්‍රයෝජනයට ගැනීම සඳහා බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයට යොමු කරන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම් දෙන බව කී මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 ගේම මාස හයක වැටුප රාජ්‍ය භාණ්ඩාගාරයට යවන්න හැකියාව තිබේ නම් ආර්ථික අපහසුතාවට පත්ව තිබෙන මේ අවස්ථාවේදී අවවාදයට වඩා එය ආදර්ශයක් යැයි ප්‍රදර්ශනය කළ හැකි බව ද සඳහන් කළේය.

Related posts

හිස්වූ නසීර් අහමඩ්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන, අලි සාහීර් මවුලානාට

Admin

ජාජබ විරෝධයට පහර නොදුන්නැයි පොලිසිය කරුණු පැහැදිලි කරයි

Admin

කිලෝමීටරයකටවත් නැති පාරක් හදන්න වසර එකහාමාරකටත් වඩා කාලයක් යනවා.

colombotoday

රට පුරා අපරාධ කල්ලි තිස්හයෙන් 24ක් තවමත් වැඩ. ලොක්කන් රට සොක්කන් වැඩ

colombotoday

ලාල්කාන්ත ඇප ලබා පැමිණි පසු විනය ක්‍රියාමාර්ග ගන්නවා…

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සමුද්‍රීය පරිසරයට සිදුවූ හානිය තක්සේරු කිරීමට එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් දිවයිනට

colombotoday