Colombo Today Local News

ත්‍රිකුණාමල රෝහලේ හෙදියන් පහකට කොරෝනා | වැක්සීනයේ පළමු මාත්‍රාව ලබාගත් දෙදෙනකුත් ඒ අතර

ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙදියන් පස් දෙනකුට කොවිඩ් 19 ආසාදනය වි ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසීය.

ආසාදිත හෙදියන් පස් දෙනා අතරින් දෙදෙනකු කොවිඩ් 19 වැලැක්විම සදහා වැක්සීන යේ පලමු මාත්‍රාව ලබාගත් දෙදෙනකු සිටින බවද වෛද්‍ය අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.

දැඩි සත්කාර ඒකකයේ රෝගින් හතර දෙනකු ප්‍රතිකාර ලබන අතර එම රෝගින්ට කොවිඩ් 19 ආසාදනය වි නොමැති බව කී වෛද්‍ය අධ්‍යක්ෂවරයා දැඩි සත්කාර ඒකකයට ඉදිරි දින14 තුල පිට ප්‍රදේශ වලින් රැගෙන එන රෝගින් ඇතුලත් කර ගැනිම නවතා මේ බව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම් දුන් බවද කීය.

දැඩි සත්කාර ඒකකයේ පුහුණු හෙදියන් 14 දෙනකු සිටින අතර ආසාදිත හෙදියන් පස්දෙනා හැරුණු විට දැනට නේවාසික රෝගින් ප්‍රතිකාර කිරිම අඛණ්ඩව සිදුකර ගෙන යන බවද රෝහල් අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.

මේ අතරදැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගින් බැලිමට ලබාදුන් අවස්ථාවද තාවකාලිකව නවතා දැමු බව දකීය.

Related posts

කිළිනොච්චියේදී මිලේච්ඡයෝ දුර්ලභගනයේ දිවියෙකු මරා දමමින් කළ අහස පොළව නුහුලන අපරාධය

colombotoday

පොහොට්ටුව පළාත් සභා මැතිවරණ ඡන්දයේ අපේක්‍ෂක අයදුම්පත් කැඳවයි

Admin

වසරේ මේ දක්වා කාලය තුළ වන අලි 400ක් මිය ගිහින්

Admin

විල්ගමුවේදී බවුසරයක් පෙරලෙයි. කාණුවලත් තෙල්

colombotoday

අද විදුලි කැපෙන හැටි

colombotoday

රටින් පැන මෙරට පාතාල මත් ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන ප්‍රධාන පෙළේ අපරාධකරුවන් විසි හතරක් අල්ලන්න රතු නිවේදන

colombotoday