Colombo Today Local News

පසුගිය වර හැංගි මුත්තන් සෙල්ලන් දැමූ බදුර්දීන් “එන්න කිව්වනම් මම එනවා නේ” යැයි පොලීසියට ටෝක් දෙයි.

“එන්න කිව්වනම් මම එනවා නේ… ඇයි මෙහෙම කරන්නේ ?” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් විමසනු ලබන වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරමින් පවතියි.

කෙසේ වෙතත් පසුගිය වර නීතිපති විසින් රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට උපදෙස් ලබා දීමෙන් අනතුරුව එය නීතිපති සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය විසින් මාධ්‍යයට ලබා දෙන ලදි.

ඉන් අනතුරුව රිෂාඩ් බදුර්දීන් පොලීසිය මග හරිමින් දිනගනනාවක් තිස්සේ සැඟවී සිටි අතර දැඩි පරිශ්‍රමයක් දීමෙන් අනතුරුව ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පසුව ඔහු දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදි.

Related posts

තමන් ජාතික ආරක්ෂාවට මුල්තැන නොදුන් බව හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානියා පාස්කු කොමිසමේ දී පිළිගනී

colombotoday

විග්නේශ්වරන් උතුරට, එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් කාර්යාලයක් ඉල්ලයි.

colombotoday

කළු ගඟේ දිය නෑමට ගොස් දෙදෙනෙකුට දිවි අහිමි වේ

Admin

අත්‍යවශ්‍ය ඖෂධ 102 ක් තවමත් හිඟයි – සෞඛ්‍ය අමාත්‍යංශය

colombotoday

සුදුසුකම් නැති පළාත් පාලන කොමසාරිස්වරුන් පන්නයි.

Admin

රාජිත මන්ත්‍රීධුරයෙන් පැන්නුවේ මමයි – විජේදාස රාජපක්ෂ

colombotoday