Colombo Today Local News

ජාතින් අතර අසමගිය ඇතිකරන්න තප්පුලපු විග්නේශ්වරන්ටත් වැඩ වරදී

රූපවාහිනී වැඩසටහන්වලදී ජාතීන් අතර අසමගිතාවක් ඇති කරන ප්‍රකාශ කරන ලදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන්ට එරෙහිව විශේෂ විමර්ශනයක් පවත්වන බව පොලිසිය අධිකරණය වෙත ඊයේ (23)දින දන්වා සිටියේය.

කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව දන්වා සිටියේය.

ත්‍රස්තවාදය වැළැක්වී‍මේ පනත සහ 2007 අංක 56 දරන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන්ට එරෙහිව මෙම විමර්ශනය පවත්වන බව පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය. ‘‘එල්.ටී.ටී.ඊ.ය කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක් නොවෙයි.’’ ‘‘හමුදාව විසින් ලක්ෂයකට අධික’’ දෙමළ ජනතාව වෙල්ලමුල්ලිවයික්කාල්හිදී මරා දාලා.’’, ‘‘උතුරු පළාතේ බුදු පිළිම ස්ථාපිත කිරීමෙන් දෙමළ ජනතාව මර්දනය කරන්න උත්සාහ කරනවා.’’ යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් රූපවාහිනී වැඩසටහනවලදී ප්‍රකාශ කර ඇති බව සඳහන් කරමින් අතුරුගිරිය පදිංචි නදීක දර්ශන වේරදුව නමැති අය කරන ලද පැමිණිල්ලක් මත කොළඹ අපරාධ කොට්ඨාසය එලෙස පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවල ප්‍රගතිය ලබන අගෝස්තු 03 වැනි දින අධිකරණයට වාර්තා කරන ලෙසද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, පොලිසියට නියම කළේය.

Related posts

විග්නේෂ්වරන් ටී.එන්.ඒ පක්ෂයෙන් නිල වශයෙන් ඉවත්වෙයි

colombotoday

“ගිය ආණ්ඩුව මොනව හොරා කෑවත් අවුරුදු 10ක් පොහොර සහනාධාරය දුන්නා.. සල්ලි එපා පොහොර දියව්” – ගොවීන් විරෝධයේ

colombotoday

කතානායකගේ අවම සදාචරයවත් නෑ, ආණ්ඩු පක්‍ෂයට බරයි.. පක්‍ෂ නායකයන්ට කතා කරන්නවත් දෙන්නෙ නෑ..- අනුර

colombotoday

කොරෝනා මෘතදේහ භූමදානයට හඳුනා ගත් ස්ථාන දෙකක් යෝජනා කරලා

colombotoday

කටුනායක ඩියුටි ෆ්‍රී සාප්පුත් ඉන්දියාවට.. ගනුදෙනුව යට ටෙන්ඩර් මගඩියක් !

colombotoday

වල්පොළ නිවාස තුනකට අලාභ හානි කල අයෙක් අත්බෝම්බයක් සමග අත්අඩංගුවට

colombotoday