Colombo Today Local News

සොරණාතොට මාර්ගයක අභිරහස් ලෙස මිය ගිය නාඳුනන කතගේ සිරුරක්

සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩමපංගුව ග්‍රාමසේවා වසමේ වෙන්දේසිකැලේ ප්‍රදේශයේ මාර්ගය අසල අභිරහස් ලෙස මියගොස් සිටි නාඳුනන කාන්තාවකගේ මළසිරුරක් ඊයේ (11)දින අලුයම සොයාගත් බව බදුල්ල පොලිසිය පවසයි.

ලද තොරතුරක් මත මෙම කාන්තා මළ සිරුර සොයාගත් බවත් මෙතෙක් එය කාගේ කවුරුන්දැයි හඳුනා නොගත් බවද පොලිසිය පවසයි.

මියගොස් ඇති කාන්තාව පෙරේදා (10 වැනිදා) රාත්‍රී කාලයේදී ප්‍රදේශයේ නිවෙස් කිහිපයකටම ගොස් නවාතැන් ඉල්ලා තිබූ බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මැයගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර කිසිවෙක් විසින් මෙම කාන්තාව ඝාතනය කළේද නැතිනම් වෙනත් අනතුරකින් මියගියේද යන්න පිළිබඳව සොයා පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පැවසීය.

Related posts

සමාජ මාධ්‍ය වාරණයෙන් ආණ්ඩුවේ බැරිකම හෙළිවුණා.. රාජපක්ෂ රෙජිමයෙන්වත් මෙහෙම කළේ නෑ

colombotoday

ඉන්ධන රැස් කර වැඩි මිලට අලෙවි කළ තවත් අයෙක් අරණායකදී අත්අඩංගුවට

colombotoday

දුමින්ද ඉවතට – ශ්‍රීලනිප මහ ලේකම් එස්.බී. !

colombotoday

“යහපාලන කිරි මුට්ටියට හිරුණිකා ගොම දැම්මා” – එජාප මන්ත්‍රීන් හිරුණිකාට එරෙහිව අවි අමෝරයි

colombotoday

“සිසුන්ට වෙඩි වැදුණේ අධිබල අවි නිසා.. මින්පසු යාපනේ පොලීසියට සුළු අවි දෙනවා“ – ඇමති සාගල

colombotoday

කටුනායක, ගුවන්තොටුපළේ වැසිකිළියක් අසල මිලියන 13ක රත්‍රං තොගයක්

colombotoday