Colombo Today Local News

කටුනායක, ගුවන්තොටුපළේ වැසිකිළියක් අසල මිලියන 13ක රත්‍රං තොගයක්

රුපියල් මිලියන 13කට ආසන්න වටිනාකමින් යුත් රත්‍රං තොගයක්, කටුනායක ගුවන්තොටුපළේ සඟවා තිබිය දී ශ්‍රී ලංකා රේගුව විසින් සොයාගෙන තිබේ.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් එම රත්‍රං සොයාගෙන තිබුණි.

එම රත්‍රං පාර්සල් තුනක දමා තිබූ අතර එහි බර කිලෝ 1 ග්‍රෑම් 500කට ආසන්න බව රේගුව සඳහන් කළේය.

මෙම පාර්සල් කටුනායක, ගුවන්තොටුපළේ වැසිකිළියක් ආසන්නයේ තිබී සොයාගෙන තිබේ.

මීට පෙර ද රන් බිස්කට් තොගයක් සොයාගත් අතර එහිදී එක් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගනුලැබීය.

එම සිද්ධිය පිළිබදව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී මෙම රත්‍රං තොගය සොයාගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේය.

Related posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සමාලෝචන වාර්තාව ජනපතිට

colombotoday

තුර්කි ගම්මානයේ වෙඩි තැබීමක්

colombotoday

කොළඹ දූවිල්ල පෙබරවාරි මැද තෙක්

colombotoday

ප්‍රසන්නගේ බොරු.. පාද යාත්‍රාවට මගේ අනුමැතිය නෑ – ජනපති

colombotoday

බස්නාහිර විශේෂ පොලිස් මෙහෙයුමක්

colombotoday

ටෙස්ට් ආකෘතිය වෙනස් කිරීමට මහේල විරුද්ධ වේ.

colombotoday