Colombo Today Local News

අනුරාධපුර ගම්මානයකට සංචරණ සීමා

අනුරාධපුර, දේවානම් පියතිස්සපුර පළමු පියවරේ පදිංචි පුද්ගලයන් දස දෙනෙකුට කොරෝනා රෝගය වැළදිමේ හේතුවෙන් එම ප්‍රදේශයේ සංචරණය සිමා කිරිමට අද (24)දින සිට සෞඛ්‍ය බලධාරින් විසින් පියවර ගන්නා ලදි.

පසුගිය 21 වන දින සිට නිරාවිය මහ විදුහල සහ අලි අස්වර් මුස්ලිම් විද්‍යාලයද වසා දමා තිබේ.

දේවානම් පියතිස්සපුර පදිංචි පුද්ගලයන් හය දෙනෙකුට සහ කාන්තාවන් සිවු දෙනෙකුට කොරෝනා වැළදි ඇති බවට සිදුකළ පිසිආර් පරික්ෂණයේදි තහවුරැවි ඇතැයි මධ්‍යම නුවරගම් පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් ඒකනායක මහතා පැවසිය.

මොවුන් අනුරාධපුර මහ නගර සභාවේ සේවකයන් හා ඔවුන්ගේ පවුල්වල ඥාතින්ය.

කොරෝනා ආසාධිතවු කාන්තාවන් සිවු දෙනා නොච්චියාගම රෝහලටද අනෙක් පුද්ගලයන් හය දෙනා ප්‍රතිකාර සදහා පුනානි වෛද්‍ය මධ්‍යස්ථානයටද ඇතුළත් කොට තිබේ.

නිරාවිය ප්‍රදේශයේ නිරෝධායනයට ලක් නොකල පුද්ගලයන් පනස් දෙනෙකු සදහා පිසිආර් පරික්ෂණ සිදුකර ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් ඒකනායක මහතා පැවසිය.

Related posts

16 කණ්ඩායම ගෝඨාභය හමුවෙයි..

colombotoday

හෙට නුවර පාසල් සියල්ල වසා දැමේ

colombotoday

පේදුරුතුඩුව උතුරු මුහුදේදි කළ වැටලීමකදී මිලියන 71ක කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

colombotoday

සිංගප්පූරුව සමග රටට අවාසි ගිවිසුමක් ගහලා.. ආර්ථිකය වනසන ඇමති ඉවත් කරන්නැයි ඉල්ලයි

colombotoday

මාර්ග කිහිපයක පෞද්ගලික බස්රථ වර්ජනයක්

Admin

20 ට එරෙහි පෙත්සම් සලකා බැලීම අදත්

colombotoday