Colombo Today Local News

පළාත් සභා බලය ඉල්ලා කෑ ගහන අය බලය තිබිලත් වැඩ කරන්නෑ.. වැඩකටම නැති මහ ඇමති විග්නේෂ්වරන්

පළාත් සභාවලට බලය ඕනෑ කියා කෑ ගසන අයට අද උතුරු පළාත් සභාවේ බලය තිබියදීත් වැඩ කිරීමට නොහැකි වී ඇති බවත්, උතුරු පළාත් සභා හැර සෙසු පළාත් සභාවල සිදු කරන වැඩ ප‍්‍රමාණය අද උතුරු පළාත් සභාවේ මහඇමති විග්නේෂ්වරම්ට සිදු කර ගත නොහැකි බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම් පතට ජාතික හෙළ උරුමයේ නිරික්ෂණ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඊයේ(03) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර ඉදිරිපත්ව ඇති බවත් රජය 2015 ජනවාරි 08 පත්වන විට මැතිවරණ පොරොන්දුවක් ලෙස නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් යෝජනා කර සිටි බවත් පැවසු අමාත්‍යවරයා, මෙම කෙටුම්පත සකස් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම සහභාගි වු බවද කියා සිටියේය.

එහිදී පාර්ලිමේන්තුවේ කමිටු වාර්තා 06ක් දැනට ඉදිරිපත් වී ඇති බවත්, එය ලියවිල්ලක් පමණක් වන අතර පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාවක් මුලින්ම ඉදිරිපත් කළේ 2000 දී හිටපු ජනාධිපතිනිය විසින් අතර එය ද පරාජයට පත් වූ බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.

”ජාතික හෙළ උරුමය ලෙස නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්නේ නම් රට තුළ ස්ථාවරභාවයක් තිබිය යුතුය. එහිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ස්ථාවරභාවය, ආර්ථික ස්ථාවරභාවය, පාරිසරික ස්ථාවරභාවය, දේශපාලන ස්ථාවරභාවය, රටේ ඒකීයස්ථාවරභාවය ආදිය රැකිය යුතුය.

එසේ නොමැතිව 1978 ගෙන එන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හෝ 1988 පළාත් සභා ක‍්‍රමය හඳුන්වාදුන් ආකාරයට හෝ මහින්ද රාජපක්ෂ 19 ආණ්ඩුක‍්‍රමයට  ව්‍යවස්ථා සම්මත ආකාරයට නොකළ යුතුය.”

Related posts

දේවාලයක පඬුරු පෙට්ටියට විද්ද හොරාට කපුවා ත්‍රිශූලයෙන් අනී

colombotoday

මට්ටක්කුලිය ‘සමිට්පුර’ මහල් නිවාස සංකීර්ණය හුදකලා කරයි

colombotoday

බුද්ධ ශාසනයේ ආරක්ෂාව සඳහා ඉතිරිව සිටින භික්ෂූන් වහන්සේලාත් නැති කරන්නයි මේ හදන්නේ – හිටපු ජනපති

colombotoday

කෝඩුකාර මංත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙයි, දෙන්නත් බෑම කියයි

Admin

බුද්ධි වාර්තාවලින් ගෝඨාභයගේ ජය තහවුරුයි… තවත් මඩ කප්පරක් ලෑස්තියි !

colombotoday

එක්නැලිගොඩ නඩුවට සහය නොදෙනවානම් යුද හමුදාපතිටත් නඩු!

colombotoday